saravita-anim2​

2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා

2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා

Latest News - timelapse 17 hours ago

LATEST

පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට

calendar_today 2026 ඔක් 12 - 12:16 remove_red_eye - 626  

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ වහලයේ අළුත්වැඩියාවක් සිදුකරමින් සිටි එම විද්‍යාලයේම අධ්‍යාපනය ලබන දරුවකුගේ පියෙකු තෙවැනි මහලින් බිමට ඇදවැටී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වලහන්දූව පූන කන්ද පදිංචි 39 හැවිරිදි දිනේෂ් ලක්මාල් අඹගහවත්ත නැමැති එක්දරු පියෙකි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නයැයි ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

Read More

අල්ලස් කොමිසම මගින් ලබාදුන් දැනුම්දීමක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා ප්‍රකාශයක් ලබාදිමට අද පෙරවරුවේ එම කොමිෂම වෙත පැමිණියේය. මන්ත්‍රීවරයාට මිට පෙර පසුගිය සතියේදී එම කොමිෂම හමුවේ පෙනි සිටින ලෙස දන්වා තිබුණද ඒ වෙනුවට ඔහු වෙනත් දිනයක් ඉල්ලා තිබුණි.

Read More

අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි නවලෝක රෝහල වෙත ඇතුළත් කර තිබේ. වෛද්‍යවරු කණ්ඩායමක් ඔහු පරීක්ෂා කරමින් සිටින බව දැනගන්නට තිබේ.

Read More

සෑම පළාතකටම අල්ලස් කොමිෂම බැගින් ස්ථාපිත කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. නිකවැරටිය ප්‍ර දේශයේ පැවැති ජන රැළියක් අමතමින් ඔහු මේ බව පැවැසීය. මේ වෙනුවෙන් නිලධාරීන් 900ක් බදවා ගන්නා බවත් ඔහු පැවසිය.

Read More

2026.10.11 දින දහවල් වීරකැටිය පොලිස් වසමේ කිංචිගුණේ ප්‍රදේශයේදී වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පිස්තෝල අවියක් හා එම පතරොම් 06 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 35 ක් වන කිංචිගුණේ, මැදමුලන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වීරකැටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

සෞදි අගනුවර වන රියාද් හි ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ දෙවන ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව නිලධාරීන් පවසා තිබේ.

Read More

සෞදි ගුවන් තොටුපළ භාවිත නොකරන ලෙස යේමනයේ හූති සංවිධානය සියලුම ගුවන් සේවා සමාගම් වෙත නව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

Read More

2027 අයවැයෙන් පාසල් දරුවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පොරොන්දු වූ පරිදි ඉදිරි අයවැයේදී බදු සහන ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියි.

Read More

නේපාලයේ ප්‍රධාන ගංගාවක ඉරිචා ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් හේතුවෙන් නිවාස සහ පාලම් ගසාගෙන ගොස් ඇති අතර ජල විදුලි බලාගාරයකට ද හානි සිදුවී ඇති බව බලධාරීහු පවසති.

Read More

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභ වංචනික ලෙස තම නමට සහ තම ඥාතීන්ගේ නමට ලබා ගත් එම කාර්යාලයේ සේවය කරන සේවකයින් රැසක් විමර්ෂණයක් ආරම්භ කිරිමට ප්‍රථම ස්වේච්ඡාවෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවේ වංචාවක් සිදු කල බවට පිලිගෙන ඇත.

Read More

ලෝක වෙළ ඳ පොළ තුළ බොරතෙල් මිල යළිත් වරක් ඉහළ යමින් පවතී. මේ අනුව අද පෙරවරුව වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 0.42කින් ඉහළ ගොස් ඩොලර් 104.7ක් බවට පත්ව තිබේ. ඒසේම වෙසට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිලද සියයට 0.39කින් ඉහළ ගොස් ‌බැරලයක් ඩොලර් 91.85ක් බවට පත්ව තිබේ.

Read More

2026.10.10 දින සවස වත්තල පොලිස් වසමේ මාබෝල ප්‍රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 09 ග්‍රෑම් 229 ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 09 ග්‍රෑම් 264 ක්, මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා යොදාගත් තරාදියක් සහ ජංගම දුරකථනයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 24 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

තමන්ට නොබෙල් සාම ත්‍යාගය නොලැබීම පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් සිය අප්‍රසාදය පළ කර ඇති අතර, මේ වසරේ ගත් තීරණය ’’අපකීර්තිමත් සහ ලැජ්ජා සහගත’’ එකක් බව ඔහු පැවසීය.

Read More

නිට්ටඹුව පොලිස් වසමේ දංගොල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ සවස පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට නිට්ටඹුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 70 ක් වූ ඉහළ දංගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

කළුතර දකුණ පොලිස් වසමේ ගල්ලස්ස ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී වෙඩි තබා පුද්ගලයෙකු සහ කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

Read More

වෙඩි වැදීම හේතුවෙන් බරපතල තුවාල ලබා සිටි කාන්තාවක් මියයාම- කළුතර දකුණ පොලිස් වසම

Read More

සෞදි අගනුවර වන රියාද් හි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව පළාත් පාලන ආයතන පවසයි. යේමනයේ හූතිවරුන් මෙම ප්‍රහාර එල්ල කළ බව සෞදිය පවසයි.

Read More

සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ඕ. එල්. අමීර් අජ්වාඩ් මහතා දම්මාම් මධ්‍යම බන්ධනාගාරය වෙත ගොස්, එහි රඳවා සිටින අනෝජන් සිවරාසා මහතාගේ සුවදුක් විමසා බැලූ බව සෞදියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Read More

නාවලපිටිය සමනලගම සුදුගල ඇල්ල අසල පිහිටි කුලී පදනම මත කාමර ලබාදෙන ස්ථානයක කුලී පදනම මත ලබාගත් කාමර දෙකක් තුළ මත්පෙති හසීස් කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයන් දොළොස් දෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේ යලිත් නැයයෑමක්. රථවාහන ගමනා ගමනය එක් මන්තීරුවකට සිමා කෙරේ. කොත්මලේ ප්‍රදේශයට (09) දින පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයෙන් නායයෑමක් සිදු වීමක් හේතුවෙන් හැටන් ගම්පොළ ප්‍රධාන මාර්ගයේ නායයැමට ලක් වූ ස්ථානයේ රථවාහන ගමනා ගමනය එක් මන්තීරුවකට සීමා කල බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා පැවසීය.

Read More

ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 436 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකරන රුපියල් මිලියන 35 ක් පමණ වටිනාකමින් යුත් දේපල ක්‍රියා විරහිත කිරීම - නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය.

Read More

තේ පැළ මිලියන 25 විශේෂ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභ ලබා දි තිබු තේ තවාන්කරුවන් 980 දෙනෙකු අතුරින් 535 දෙනෙකුම අක්‍රිය තවාන්කරුවන් විම හේතුවෙන් ඔවුන් වෙත නිකුත්කරණු ලැබු රුපියල් නමකෝටි, හැත්තෑහයලක්ෂ, හැත්තැතුන්දහස්, හයසියතිස්පහක් (97,673,635) වටිනා මුල්‍ය හා ද්‍රව්‍යමය ප්‍රතිලාභ නිෂ්කාර්ය වි ඇති බව අනාවරණය වි ඇත.

Read More

2026.10.08 වන දින අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පළ ඉදිරිපිටදී මෙට්‍රෝ බස් රථයක ගැටී තිබෙන පුද්ගලික බස් රථය අතුරුගිරිය පොලිස් ස්ථානය විසින් මෝටර් රථ පරීක්ෂකවරයෙකු යටතේ පරීක්ෂාවට ලක්කර තිබේ.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

Read More

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ. මෙම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරු 44දෙනෙකු අත්සන් තබා ඇත.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රදේශයේ පිහිටි දියගම වනාන්තර කලාපය ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අද(09) පාර්ලිමේන්තුවේදී වි සඳහන් කළේය.

Read More

නීති විරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව කළ විමර්ශනවලට වරදකර විම හේතුවෙන් හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ‍

Read More

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් නාවි පිල්ලේට 2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේ මහත්මිය වෙත පිරිනැමීමට නෝර්වීජියානු නොබෙල් කමිටුව තිරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright © 2018 Wijeya Newspapers Ltd.