saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 10750 hours ago

LATEST

පරිසර දිනට ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල අසළ රුක් රෝපණ වැඩසටහනක්

calendar_today 2019 ජුනි 05 - 15:35 remove_red_eye - 571  

අදට (05) යෙදි ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් තලවකැලේ සෙන්ක්ලෙයාර් දිය ඇල්ල අසල රුක් රෝපණ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සහ තලවකැලේ වැවිලි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක රොෂාන් රාජදොරෙයි යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් අද (05) සෙන්ක්ලෙයාර් දිය ඇල්ල අසලදි සිදු කළහ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා කාලය වසර 20 සම්පූර්ණ වූ හෝ සාමාජිකාවන්ගේ වයස අවුරුදු 50 සම්පූර්ණ වීම සහ සේවා කාලය අවුරුදු 22 සම්පූර්ණ වූ හෝ වයස අවුරුදු 50 සම්පූර්ණ වූ හෝ සිවිල් ආරක්ෂක සාමාජිකයන්ට විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම යාමට අවසර ලබා දීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ජා කර ඉදිරි පියවර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පවසන්නේ බුදුන් වහන්සේ යනු තමන්ව අපවත්කිරිමට පැමිණි දේවදත්ත හිමියන්ට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙක් බවයි.

Read More

ශ්‍රි .ල නි පක්ෂය විසින් ඉදිරි ජනාධිපතිවරණයේ දි ස්ථිරවම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

Read More

2018 වසරේ මුල් මාස තුනට සාපෙක්ෂව මේ වසරේ මුල් මාස තුනේ මාරක රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

Read More

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Read More

නෝර්වේජියානු සමාගමක් වන ටෙල්නෝ සමාගම මැලේසියාවේ ආසියාටා සමාගම අත්පත් කර ගැනීම මගින් ලංකාවට පැමිණීමට උත්සාහ කරන බව ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ මතය වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

Read More

වියළි කාලගුණය හේතුවෙන් වව්නියාව මඩුකන්ද ප්‍රදේශයේ ගෙවත්තකට ඇතුල් වූ හැල කිඹුලෙකු ඊයේ (04) සවස අල්ලාගත් බවට වව්නියාව වනජීවි නිලධාරීන් පවසති.

Read More

මුහුදු රළ ඉහළ යාම හා ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 7.00 දක්වා වලංගු වන පරිදි මෙම අවවාදය නිකුත් කර තිබේ.

Read More

දින හතරක් පුරාවට උපවාසයක නිරතව සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි උපවාසය නිම කිරිමෙන් පසු මහනුවර රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.

Read More

ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් මහතා ඊයේ (04දා) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

Read More

රජරට විද්වත් වෘත්තිකයින්ගේ එකමුතුව විසින් ඊයේ (04) පස්වරුවේ විජේරාම නිල නිවසේදී රජයේ වෘත්තිකයින්ගේ එකමුතුව විසින් සැකසූ කරුණු 12කින් සමන්විත යෝජනාවලියක් විපක්ෂ නායක මහින්ද රාජාපක්ෂ මහතා වෙත භාරදෙන ලදී.

Read More

එච්.අයි.වී (HIV) ආසාධිතයන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන්ට එම රෝගය වැළඳී තිබේදැයි පරීක්ෂා කිරීමට ඒ සඳහා පහසුකම් පවතින සත්කාර මධ්‍යස්ථානයක අවම වශයෙන් දින දෙකක්වත් රැඳී සිටිය යුතු වේ.

Read More

විරෝධතාවයකට සහභාගි වි පැමිණි රුහුණු සරසවි සිසුන්ට නේවාසිකාගාර තුළට ඇතුල් විමට ආරක්ෂණ නිලධාරින් ඉඩ ලබා නොදිම නිසා මාතර , මැද්දවත්ත සිසු නේවාසිකාගාරය ඉදිරිපිට ඊයේ (4) රාත්‍රියේ යම් නොසන්සුන්තාවයක් ඇති වු බව රුහුණු විශ්ව විද්‍යාලය මහා ශිෂ්‍ය සංගමය පවසයි .

Read More

මන්නාරම පෙරියගාමන් හා තාවල්පාඩු ප්‍රදේශයේ දින දෙකක් තුළදී ස්ථාන දෙකකදී නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී නීතිවිරෝධී බීඩි කොළ කිලෝ1537 යි ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා තවදුරටත් ස්ථාපිත වෙමින් පවතින බැවින් නිරිත දිග කොටසේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයත්, සූර්ය විදුලිබල සේවා සපයන්නන්ගේ සංගමයත් සමඟ සාකච්ඡා කරලා, මේ කර්මාන්තය අපි කොහොමද තවදුරටත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යන්නේ කියලා තිබුණ ප්‍රශ්නාර්ථයට විසදුම් ලබා ගත් බවත් දෙපාර්ශවයටම යම් ආකාරයක ජයග්‍රහණ හිමිවන ආකාරයෙන් පොදු එකගත්වයකට පැමිණෙන්නට හැකි වු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

අතුරුගිය, සංදෝරිස් ජයන්ත මාවත අයිනේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුනේ මියගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසයි.

Read More

ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය විසින් ගනු ලැබූ තීරණය ඉදිරියේදී රටේ සියලුම විහාරස්ථානයන් මගින් ක්‍රියාත්මක කරනු ඇතැයි අදහස් කරයි

Read More

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කරමිනි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළත් ආරක්ෂක අංශ අගය කිරීමට මාධ්‍ය කටයුතු නොකරන්නේ මන්දැයි තමන්ට ප්‍රහේළිකාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ජාතික වැදගත්කමකින් යුත් ප්‍රතිපත්ති සැකසීමේදී ආණ්ඩුව හා විපක්ෂය එකඟතාවයකට පැමිණි බව කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Read More

රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගේම වැරදි කරන වෛද්‍යවරුන් පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම පැවරී තියෙන්නේ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

මුස්ලිම් රටවල් තරහ කරගෙන ශ්‍රී ලංකාවට කටයුතු කළ නොහැකි බවත්,එම රටවලින් ඉන්ධන ලබාගැනීමට සිදුවන බවත් බදියුදීන් මහතා පැවසීය.

Read More

අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හමුවීම ගැටලුවක් වි ඇති බවත් විදෙස් ඩොලර් ආධාර දෙස බලා සිටින අමාත්‍ය මංගල සමරවීර මහතාට තුන්සියයකට අධික කිතුණු සැදැහැවතුන් ඝාතනය වීම ගැටලුවක්වී නොමැති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

Read More

ඔහු අද වනවිට ගුවන් හමුදා ඉතිහාසයේ වැඩිම කෆීර් ගුවන් යානා මෙහෙයුම් ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක කළ ශ‍්‍රී ලාංකික නියමුවා වෙයි.

Read More

කොළඹ ව්‍යාපාර සංගමයේ නියෝජිතයින් හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (03) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

Read More

ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් මැතිඇමතිවරුන් ඇමතිධූරවලින් ඉවත්වී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මනත්‍රීවරුන් ලෙස වාඩිවෙන බව ඊයේ (03දා) දිනයේදී ප්‍රකාශ කළද අද පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී එම මන්ත්‍රිවරුන් ඉදිරිපෙළ අසුන්වල වාඩිවී සිටියහ.

Read More

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩු්වට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය ජුලි 09 දා හා 10 දා විවාදයට ගැනීමට පක්ෂ නායකයන් තීරණය කළ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

Read More

පවුල් ලක්ෂ 06කට සමෘද්ධි දීමනාව ලබාදීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 3000ක් වෙන්කර තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (04දා) පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.