එච්.අයි.වී (HIV)ආසාධිතයන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන්ට එම රෝගය වැළඳී තිබේදැයි පරීක්ෂා කිරීමට ඒ සඳහා පහසුකම් පවතින සත්කාර මධ්‍යස්ථානයක අවම වශයෙන් දින දෙකක්වත් රැඳී සිටිය යුතු වේ.
ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව තුරන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදලේ දේශීය සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ සාමාජික ආයතනයක් වන පොසිටිව් විමෙන්ට්ස් නෙට්වර්ක් නැමති රාජ්‍ය නොවන සංවිධානය විසින් ඉහත කී සේවාව වසර 10ක පමණ කාලයක සිට සපයනු ලැබේ.
දැනට එම ආයතනය විසින් අදාළ සේවාව කුලී පදනම මත ලබාගත් නිවසක සිදු කරන අතර, මෙම සේවාව ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා එම ආයතනය විසින් ඉඩම් කැබැල්ලක් ලබා දෙන ලෙස ඉල්ලීම් කරනු ලැබ තිබේ.
ඒ අනුව මුල්ලේරියාව මූලික රෝහලේ පරිශ්‍රයෙන් පර්චස් 10ක බිම් කැබැල්ලක් මෙම ආයතනය වෙත ලබා දීම පිණිස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
