ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානි සුදර්ශන පතිරණ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී තනතුරට එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ පත් කර තිබේ.
එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.
ඔහු 1987 ජනවාරි මස 02 වන දින නියමු පොදු රාජකාරි ශාඛාවේ පයිලට් ඔෆිසර් නිළයේ අධිකාරිත්වයට පත්විය.
ඔහු 1990 වසරේ චීන උපදේශකයින් යටතේ අංක 5 ජෙට් ප්‍රහාරක ගුවන් යානා බලඝණයේ ත් 7 ගුවන් යානා පුහුණුව ලැබූ පළමු ශ්‍රී ලාංකික ගුවන් නියමුවන් සය දෙනා අතරින් එක් අයෙක්ද වෙයි. ඔහු කෆීර් සහ ත් 7 ප්‍රහාරක ගුවන් යානා බලඝණයන්හි අණදෙන නිළධාරීවරයා වශයෙන්ද මිග් 27 ප්‍රහාරක ගුවන් යානා බලඝණයේ වැඩබලන අණදෙන නිළධාරීවරයා වශයෙන්ද කටයුතු කොට තිබේ.
එයාර් වයිස් මාර්ෂල් පතිරණ මහතා ප්‍රහාරක ගුවන් යානා නියමුවෙකු, නියමු උපදේශකයෙකු සහ කෆීර් සහ ත් 7 ප්‍රහාරක ගුවන් යානා ඇතුළුව ගුවන් යානා වර්ග 10 කට අධික ප්‍රමාණයක් යටතේ පියාසර පැය 3500 කට අධික ප්‍රමාණයක් පියාසර කල ක්‍රියාකාරී මෙහෙයුම් නියමුවෙකුද වෙයි.
ඔහු විවිධ පියාසර මෙහෙයුම් රාශියකට දායක වී ඇති අතර එහිදී ඔහු විසින් දක්වන ලද වීරත්වය උදෙසා සය වතාවක් වීර පදක්කමින් පිදුම් ලබා ඇත. ඔහු අද වනවිට ගුවන් හමුදා ඉතිහාසයේ වැඩිම කෆීර් ගුවන් යානා මෙහෙයුම් ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලාංකික නියමුවා වෙයි.

popular news
-
රුමි Tuesday, 04 June 2019 08:43 PM
ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම කෆීර් යානා ප්‍රමාණයක් මෙහෙවුයේ ඊශ්‍රායිලයේ විශ්‍රාමික ගුවන් යානා නියමුවන්. ශ්‍රී ලංකික සෙබළුන් අසමත් උනා නිවැරදිව ඒවා මෙහෙයවන්න. මෙයා ගුවන් හමුදා ඉතිහාසයේ වැඩිම කෆීර් ගුවන් යානා මෙහෙයුම් ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලාංකික නියමුවා උනාට ඒවායින් වැඩි හරියක් ෆේල්.
Reply : 10 2
ddk Thursday, 06 June 2019 11:44 AM
නොදන්නා බොරු කියවන්න එපා. මෙතුමා නියම යුද්ධ වීරයෙක්. යුද්දෙට කවදාවත් විදේශිකකයෝ ගෙනාවේ නෑ. විදේශිකයෝ ආවේ පුහුණු වීම් වලට විතරයි. යුද්ධ කාලයේ කෆීර් එකක් යාපනයට ගිහින් එනවා කියන්නේ ජීවිතයත් මරණයත් අතරලොකු සටනක්. ජෙට් එකක් කවදාවත් තනියම යුද්දෙට යැව්වේ නෑ. ඒත් සහයට යන ජෙට් එක කාර්මික දෝෂයක් නිසා යන්න බැරි උන දවසක් ආව. මෙතුමා තනියම තමන්ගේ යානය අරගෙන ගිහින් සතුරාට ප්‍රහාර එල්ල කරලා නැවත ගොඩ බැස්සුවා. මෙන්න මේ වගේ රටට ආඩම්බරයක් මෙතුමා. A big salute and congratulate you on your new appointment sir!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

