කාදිනල් හිමිපාණන් රතන හිමි බැලිමට යාම ජාතිවාදි නම් කිතුණුවන් 300 ඝාතනය විම ?
අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හමුවීම ගැටලුවක් වි ඇති බවත් විදෙස් ඩොලර් ආධාර දෙස බලා සිටින අමාත්‍ය මංගල සමරවීර මහතාට තුන්සියයකට අධික කිතුණු සැදැහැවතුන් ඝාතනය වීම ගැටලුවක්වී නොමැති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එකදු පුද්ගලයෙකුට හානියක් නොවන ලෙස රට තුළ සාමය තහවුරු කිරීමට විශාල දායකත්වයක් දැක්වූ බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා එතුමාට අගෞරව කිරීම කිසිසේත්ම අනුමත නොකරන බව අද (04) මහනුවර නුගවෙල දී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
චූදිත අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම වෙනුවට සියලුම අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම මගින් පෙනී යන්නේ ඒ අමාත්‍යවරුන් සියල්ලම ජාතිවාදීන් බවය . එමෙන්ම ඔවුන් අන්තවාදීන් ආරක්ෂා කරන්නට පෙනි සිටින බවත් මේ අවස්ථාවේදී එම අමාත්‍යවරුන් හා ආණ්ඩුකාරවරුන් ඒ අයුරින් ක්‍රියාකරන මුත් සිංහල අමාත්‍යවරුන් සිංහල ජනතාව වෙනුවෙන් ද දෙමළ අමාත්‍යවරුන් දෙමළ ජනතාව වෙනුවෙන් ද පෙනී සිටීමේ වරදක් නොමැති බවත්ය. ජාතිවාදයක් රට තුළ පවතිනවා නම් එය එක් පාර්ශවයකට පමණක් හිමිවිය යුතු නැති බවද දිලුම් අමුණුගම මහතා පැවැසිය.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ දේශපාලන දර්ශනය කුමක් වුවත් උන්වහන්සේගේ අරමුණ අප කවුරුත් පොදුවේ පිළිගන්නා බවත් මංගල සමරවිරට මේ ප්‍රකාශය ජාතිවාදී අදහසක් යැයි පෙනී යා හැකි නමුත් මෑත කාලයේදී අපිට දකින්න ලැබෙන සියල්ලම ජාතිවාදී ක්‍රියාවන් බව හැඟැවෙන බවද එහිදි පැවසීය.
මහ බැංකු කොල්ලයේ මහ සොරු සිංගප්පූරුවේ ජීවත් වන නමුත් ඔහු පිළිබඳ කරන පරීක්ෂණ පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකියි. තනතරුවලින් ඉවත් වූ අමාත්‍ය රවී කරුණානායක මහතා අද යළි තනතුරු හොබවනවා. තමන්ගේ නෝනාට සල්ලි මල්ලක් ගෙනැවිත් දුන් පුද්ගලයා කවුද යන්න නොදන්නා අමාත්‍යවරුන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීම හාස්‍ය සහගත යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
චමිල් රූපසිංහ

popular news
-
Prasad Serasinghe Wednesday, 05 June 2019 05:20 AM
ඔයාගේ ලොක්කා මොකද කරේ ලිඋම් දෙකක් ඇවිල්ලත්
Reply : 0 0
චිත්‍රානන්ද Wednesday, 05 June 2019 05:39 AM
කිතුනුවන්ට ප්‍රහාරය එල්ල කලේ ජාතිවාදීන් නෙවෙයි.අන්තවාදී ජාත්‍යන්තර සංවිධානයක උපකාර මත සහ ආගමික මතවාදයක සිටි අන්තවාදීන් පිරිසක්.අන්තවාදය සහ ජාතිවාදය කරුණු දෙකක් බව ඔබගේ පොහොට්ටු මොලයට නොතේරීම කණගාටුවට කරුණකි.
Reply : 0 0
r.ran Wednesday, 05 June 2019 06:50 AM
මෙහිදී අප කාදිනල් තුමාට දොස් කියන්නේ නැහැ. එතුමා කළ දේ හරි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

