පසුපෙළට යන බව කී මුස්ලිම් මන්ත්‍රීවරු ඉදිරිපෙළ අසුන්වල ඉදගනියි
ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් මැතිඇමතිවරුන් ඇමතිධූරවලින් ඉවත්වී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මනත්රීවරුන් ලෙස වාඩිවෙන බව ඊයේ (03දා) දිනයේදී ප්‍රකාශ කළද අද පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී එම මන්ත්‍රිවරුන් ඉදිරිපෙළ අසුන්වල වාඩිවී සිටියහ.
රිෂාඩ් බදියුදීන්,ඒ.එච්.එම්.ෆවුසි,අමීර් අලි,එච්.එම්.එම්.හාරීස් යන මුස්ලිම් මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු ඉදිරිපෙළ අසුන්වල සිට සිනාසෙමින් සුහදව කතාකරමින් සිටියහ.
මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයාද මෙම පිරිස සමග කතාබහ කර ටික වේලාවකින් ඉවතට ගියේය.
එහෙත් කබීර් හෂිම් හා රවුෆ් හකීම් යන මන්ත්‍රිවරුන් සභාවාරයට නොපැමිණියහ.
පාර්ලිමේන්තු සභාවාරය අතරතුර නැගී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් ඇමතිවරුන් පසුපෙළ මන්ත්‍රිවරුන් ලෙස කටයුතු කරන බව පවසා තිබුණද එවැන්නක් දකින්නට නොලැබෙන බවයි.
මෙහිදි නැගී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ එම මන්ත්‍රිවරුන් පක්ෂ නායකයින් බැවින් ඉදිරිපෙළ අසුන්වල වාඩීවි සිටීමට ඔවුන්ට අයිතිය තිබෙන බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

