ත්රස්තවාදීන්ට සම්බන්ධ නම් මරණ දඬුවම දෙන්න - රිෂාඩ්
ත්රස්තවාදීන් සමග අංශූ මාත්‍රයක හෝ සම්බන්ධයක් තිබේයැයි ඔප්පු වුවහොත් තමාට මරණ දඬුවම ලබාදෙන්නැයි සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය.
තමාට විරුද්ධව චෝදනා තිබේ නම් උද්ඝෝෂණ නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර විමර්ශනයක් ආරම්භ කරන ලෙස විරුද්ධවාදීන්ගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ආණ්ඩුවේ සිටින මුස්ලිම් මැතිඇමතිවරුන් අමාත්‍යධූරවලින් ඉවත්වූයේ කිසිවෙකුට බියේ නොවන බවත්, මුස්ලිම් මන්ත්‍රිවරුන් ඇමතිධූරවල සිටීමෙන් ත්රස්තවාදීන් සම්බන්ධව සිදුකරන පරීක්ෂණවලට බලපෑමක් ඇති නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මුස්ලිම් රටවල් තරහ කරගෙන ශ්‍රී ලංකාවට කටයුතු කළ නොහැකි බවත්,එම රටවලින් ඉන්ධන ලබාගැනීමට සිදුවන බවත් බදියුදීන් මහතා පැවසීය.
අයිසිස් සංවිධානය බටහිර රටවල් විසින් ඇතිකළ සංවිධානයක් බවත්,එම සංවිධානය සහ ශ්‍රී ලංකාවේ ලක්ෂ 22ක් වන මුස්ලිම් ජනතාව අතර සම්බන්ධයක් නොමැති බවත් හෙතෙම කීය.
මේ රටට අයිසිස් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබාදිය යුතු බවත්,අහිංසක මුස්ලිම් ජනතාවට දඩුවම් කිරීමෙන් වළකින්නැයි ඉල්ලා සිටින බවත් මන්ත්‍රිවරයා සඳහන් කළෙය.
ඇතැම් පුද්ගලයන්ට ලක්ෂ 22ක් වන මුස්ලිම් ජනතාව විනාශ කිරීමටත්,ලේ වැගිරීම් සිදුකරන තත්ත්වයක් ඇතිකිරීමටත් උවමනා වී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

popular news
-
බණ්ඩාර Tuesday, 04 June 2019 09:24 PM
මේක මංගල සමරවීරට කියන්න. එයා තමයි ලේ වගිරීමකට සැලසුම් හදන්නේ.
Reply : 0 0
රජින්ද Wednesday, 05 June 2019 02:25 AM
කොහොමද වටේ ගිහින් කරන තර්ජනය..! මොවුන්ව මේ තත්වයට පත් කලේ සිංහල මිනිස්සු බෞද්ධ ජාතිකවාදී නායකයෙක් පත් නොකරගැනීමේ විපාකයයි. සුළු ජනවාර්ග අපිට කොකා පෙන්වීමෙන්ම පෙනෙනවා රටේ සිංහල ජාතියේ අවසාන යුගය මෙය වියහැකි බව. කණගාටුයි...!!
Reply : 0 0
Nandana Wednesday, 05 June 2019 10:31 AM
අපේ රටේ මුස්ලිම් ඇමතිවරු අස්වීමත් ,මුස්ලිම් රටවලුත් අතර තියන සම්බන්දය මොකක්ද ,මු අපිව බයකරන්න හදනවා , මෙරටේ රජය ගත්තු තීරණ ගැන කාටවත් අබියෝග කරන්න බැහැ,මේක වෙනත් රටකට එරෙහිව ගත්තු තීරණයක් නොවේ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

