Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජුලි මස 18 වන සිකුරාදා
2025 ජුලි මස 18 වන සිකුරාදා
තමන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් සඳහා ඇතුල්වීම තහනම් කරමින් ගම්පහ විරාධිපතිවරුන් ගත් තීරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පවසන්නේ බුදුන් වහන්සේ යනු තමන්ව අපවත්කිරිමට පැමිණි දේවදත්ත හිමියන්ට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙක් බවයි.
එම උතුම් භාවිතාව තේරුම් නොගත් විහාරාධිපති වහන්සේලා නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! යැයි සඳහන් ඔහු සඳහන් කරයි.
බුදුන් වහන්සේ යනු තමන් ඝාතනය කරන්නට ආ දේවදත්තට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙකි. ඒ උතුම් භාවිතාව තේරුම් නොගත් මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. !
— Mangala Samaraweera (@MangalaLK) June 5, 2019
popular news
ROCKY Wednesday, 05 June 2019 02:58 PM
ඔක්කොම හරි මහත්වරුනි. කලබලවෙන්න එපා. මුන්නහෙට විරුධව තහංචි පනවන ගම්පහ පහලගම සෝමරතන හාමුදුරුවෝ කියන්නේ ලන්ඩන් විහාරේ සංඝනායක සහ බ්‍රිතාන්‍යයේ මහා සංඝ නායක හාමුදුරුවෝ වෙලා හිටපු කාලේ ළමා අපචාර චෝදනා ලබා උසාවියෙන් වැරදිකරු වී හිරේ ලැගපු පාරාජිකා වෙච්ච පවුකාර කහකඩයෙක්. ඔහොමම ඉන්ටෙර්නෙට් එකෙන් බලාගන්න උගේ කැරැට්ටුව?
Reply : 1 12
Dayan Wednesday, 05 June 2019 03:14 PM
නිවන් දකිත්වා.
Reply : 0 1
ඇබිත්තයා Wednesday, 05 June 2019 03:43 PM
පසුගිය අප්‍රේල් 21 වැනිදා සිදුවුනේ මුස්ලිම් ආගම අදහන පිරිසක් සිදුකල නීච ක්‍රියාවක්.නමුත් මහම්මත්තුමා මිනිසුන් මරන්න කිව්වේ නැහැනේ.එහෙම් කිව්වා කියන්නේ මෑතකදී ඇතිවූ කල්ලියක් මිසක් සාමකාමී මුස්ලිම් මිනිසුන් නොවේ.ඒ වගේම බුදුහාමුදුරුවොත් කිසිවෙකුට පන්සල් තහනම් කලේ නැහැ.කොතරම් නොහික්මුණ ඡන්න හිමියන්ටවත් එහෙමකලේ නැහැ.බුදුහිමියන්ගෙන් පස්සෙ තමා ඡන්න හිමියන්ටත් බ්‍රහ්මදණ්ඩය පැනවූවේ.ඇමතිතුමෝ ඒ ඒකාලෙ. දැන් බුදුහාමුදුරුවනෙ කාලෙ නොවෙයි.ඔබේ වටිනාකාලෙ ඔවැනි නොවටිනා දේවලට වැය නොකර නිහඬවෙන්න
Reply : 0 2
Champa Wednesday, 05 June 2019 04:30 PM
ලංකාව බෞද්ධ රටක් නෙමෙයි කියල කියපු මිනිහ දැන් මොකොද පන්සල් ගැන කතා කරන්නේ? බුදුහාමුදුරුවන් දේවදත්තට තහංචි පැනෙව්වේ නැත්තේ දේවදත්තගේ වෛරය පෞද්ගලික දෙයක් නිසා. මංගල වගේ සම්බුද්ධ සාසනයට වින කරන හාමුදුරුවරුන්ට බෞද්ධයන්ට නින්ද අපහාස කරන කෙනෙක් වුනා නම් තහංචි පනවන්න තිබ්බ. හාමුදුරුවරු කෙලින් හිටපු නැති නිසා තමයි රටේ අද තියෙන විනාශේට කෙලින්ම වග කියන්න ඕන ආණ්ඩුවේ දේශපාලක හාමුදුරුවරු දළදා මන්දිරේ අභියස බුදු දහමට සම්පූරනයෙන්ම විරුද්ධ තමන්ම ජීවිත හානි කරගන්න උපවාසයක් කලේ. බඩගින්නේ ඉන්න හාමුදුරුවන්ට විරුද්ධව ලියන්න හිත දුන්නේ නැති වුනාට ඒ කරපු වැඩේ දළදා හාමුදුරුවන්ට සහ බෞද්ධාගමට කල අවමානයක්. ඒ හින්ද බෞද්ධයන්ට සහ හාමුදුරුවරුන්ට අපහාස කරමින් මුළු රටටම නිග්‍රහ කරන මංගල වගේ මිනිස්සුන්ට පන්සල් තහනම් කරන එකේ කිසි වැරැද්දක් නැහැ. ඒ වැඩේ දේවදත්තගේ වැඩේට වඩා හුඟක් බරපතලයි.
Reply : 1 110
කිරිකැටියා Wednesday, 05 June 2019 04:49 PM
ඛේමාගේ කොළුවා දන්නෙ නෑ බුදු රජාණන් වහන්සේ අනුදැන වදාල බ්‍රක්ම දණ්ඩනය. ඒ නිසයි ඔය වියරුවෙන් කෑගහන්නෙ.
Reply : 2 31
Champa Wednesday, 05 June 2019 04:49 PM
බෞද්ධයන්ගේ ඉවසීම සහ උපේක්ෂ සහගත බව වහල් ආණ්ඩුව ඉතාම නින්දිත විදිහට අවභාවිත කළා රටේ සම්පත් විකුණන්න සහ රණවිරු දඩයමට. නැත්නම් වෙන කිසි රටක ජනතාව මේ තරම් රටට හානි කරද්දීත් නිකම් ඉන්නේ නැහැ පාරට බැහැල පාලකයන්ව එලවනවා මිසක්. බෞද්ධයන්ගේ ඉවසීමේ සීමාවේ උච්චම අවස්ථාවට දැන් ඇවිල්ල තියෙන්නේ. අන්තිමට ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියන තරමටත් වහල් ආණ්ඩුවේ ඇමතිවරු ආව. තවත් ඉවසන් හිටියොත් වෙහෙර විහාරත් වැඩියි කියල වහන්න හෝ කඩා දමන්නත් පුළුවන්. දැන් ඇමරිකාවට දෙන අක්කර ලක්ෂ 12 ට පන්සල් වලට අයිති ඉඩම් කොච්චර තියෙනව දන්නේ නැහැ. සිතියමේ හැටියට කොළොඹ ඉඳන් අනුරාධපුරය හරහා ත්රිකුණාමලේට ඉඩම් අක්කර ලක්ෂ 12ක් හෝ ඇත්තටම ඒ වගේ දෙගුණයක් වෙන්නත් පුළුවන්. මේ රටේ බහුතර අයිතිය ඇමරිකාව ඉන්දියාව ඇතුළු විදේශික රටවලට ගිහාම, කොහොමත් මේ රට සිංහල බෞද්ධ නෙමෙයි වෙනවා. ඒ හින්ද මේ වගේ වහල් ඇමතිවරුන්ට මුළු රටේම පන්සල් තහනම් කරන්න ඕනේ. මේක ඉතාම සාමකාමී විරෝධයක්. බෞද්ධයෝ මේගොල්ලන්ගේ උත්සව වර්ජනය කරන්න ඕනේ.
Reply : 2 73
Kumar Wednesday, 05 June 2019 08:08 PM
සමහර චීවරධාරීන් විවේචනය කරනවාට අකමැතිබව මංගල මහත්මයට කියන්න ඕනෙ නැහැනේ. ඔබතුමා හිතේ කිසිම තරහක් ඇතිකරගන්න එපා. එසේ තරහගෙන තමාගේ රුධිර පීඩනය වැඩිකරගන්න වටින්නෙනැ..
Reply : 1 0
පොරමෝලා Sunday, 09 June 2019 11:22 AM
දේවදත්ත තව හොඳයි මොහුට වඩා
Reply : 1 1
ranjith Tuesday, 11 June 2019 04:52 AM
බුදුන්ගේ දර්මය තමාගේ කුපාඩි කතා සාදාරන කරගන්න යොදාගන්න එපා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd