ශ්‍රි.ල නි පක්ෂය විසින් ඉදිරි ජනාධිපතිවරණයේ දි ස්ථිරවම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා යැයි ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි.සන්ධානයේ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ඉදිරිපත් කරන අපේක්ෂකයා වෙන කවුරුත් නොව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බවද මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.
ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
මේක මම නිල වශයෙන් කියන දෙයක් නෙවෙයි. නමුත් මම දන්නවා මගේ ඇගට තෙරෙනවා මමත් මේ පක්ෂයේ වසර 21ක් තිස්සේ ඉන්නවා. පක්ෂයේ ඊළඟ නායකයා හැටියට පත්කරන්න වෙන කවුරුවත් නැහැ. ඒ සඳහා සුදුසු කෙනා ගැළපෙන කෙනා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කියලා කියන්න ඕන. මා විශ්වාසයෙන් කියනවා ඒ විතරක් නෙවයි අපි ජයග්‍රහණයත් කරනවා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ජයග්‍රහණය කිරිමේ සැලැස්ම අපේ පක්ෂයේ මහ ලේකම්තුමා විසින් ඉදිරිපත් කළා.
එජාපයේ අපේක්ෂකයා අපට අභියෝගයක් නෙවෙයි. අපි ගවුගාණක් දුරින් ඉන්නේ. එජාප අපේක්ෂකයාට පාරට බහින්න ඉස්සෙල්ලා අපි රේස් එක ගහලා ඉවරයි. පොහොට්ටුවයි අපියි එකට යන්නේ දැන්. අවසන් අදියරේ සාකච්ඡා තියෙන්නේ. ඒ සාකච්ඡාවෙන් පසු ශ්‍රි.ල.නි.පක්ෂයට හා පෙහොට්ටුවට ඒකාබද්ධ ප්‍රකාශය කරන්න හැකිවේවි. අනිවාර්යෙන්ම පොහොට්ටුව අගමැති ධුරය දෙන්න තින්දු කරනවා. ජනාධිපතිකමයි අගමැති ධුරයයි දෙකම එක පැත්තට දෙන්න බැහැ එය අපට ලැබිය යුතුයි යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ජිනේෂ් නානායක්කාර
