ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් මහතා ඊයේ (04දා) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට යළි සාමාන්‍ය තත්වයට පත් කරලීම සඳහාත්, ගෝලීය ත්‍රස්තවාදය මැඬපැවැත්වීම සඳහාත් සිය සම්පූර්ණ සහය ලබා දීමට කටයුතු කරන බව පීටර් ඩට්න් මහතා මෙහිදී පැවැසීය.
මිනිස් ජාවාරම්කරුවන් විසින් සිදු කරනු ලබන අනවසර සංක්‍රමණික ව්‍යාපාරය වැළැක්වීම සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගැනිණි.
අග්‍රාමාත්‍යවරයාට ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන මෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් කළ ආරාධනය ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.
