රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගේම වැරදි කරන වෛද්‍යවරුන් පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම පැවරී තියෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අද දින (4) වෛද්‍ය සාෆි සිහාබ්ඩීන්ට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පැමිණිල්ලක් ගොනු කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
අවාසනාවකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සාෆි සිහාබ්ඩීන් විසින් සිදුකරනු ලබන මේ සමූලඝාතන වෑයම සම්බන්ධයෙන් නිහඬතාවයක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා අද අපි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ආවේ දොරට තට්ටු කරලා නිදාගෙන ඉන්නවා නම් ඇහැරවලා තමන්ට නීතියෙන් පැවරිලා තියෙන වගකීම ඉටුකරන්න යැයි සිහිපත් කරලා අපේ පැමිණිල්ල භාර දීම සඳහා බව ඔහු වැඩිදුරටත් පැවසීය.
අපි ඉල්ලා සිටියා මෙම සාෆි සිහාබ්ඩීන්ට වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ඔහු වැරදිකරු බව තහවුරු වුණොත් ඔහු තවදුරටත් වෛද්‍ය වෘත්තියේ යෙදෙමින් ජාතිය වඳ කිරීමේ ක්‍රියාවලියේ යෙදීම නතර කරලීමට පියවර ගන්නා ලෙස. මොකද වෛද්‍යවරයෙක් සිය වෘත්තියේ යෙදීම නතර කළ හැකි එකම ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පමණයි.
ඒ වගේම මේ වනවිට රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් පත්කළ කමිටුව විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් භාර දුන් බවට ආරංචියි.
නමුත් රටේ ජනතාව නම් කියන්නේ රාජිත සේනාරත්න පත් කරන කමිටුවකින් සාෆි සිහාබ්ඩීන් ගැන පරීක්ෂණ පවත්වනවාට වඩා සාෆි සිහාබ්ඩීන් ගේ මෑණියන්ගෙන් මූලිකත්වයෙන් කමිටුවක් පත් කරලා මේ පිළිබඳ සොයා බැලුවොත් ඊට වඩා විශ්වාසයක් තබාගත හැකි බවයි. ඒ නිසා රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් කෙතරම් පිළිගත හැකි පුද්ගලයින් සිටින කමිටුවක් පත් කළත් මේ රටේ ජනතාව එම කමිටුව විශ්වාස කරන්නේ නැහැ. එම නිසා එම කමිටුවේ වාර්තාව කුණු කූඩයට විසි කරලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
