රජරට විද්වත් වෘත්තිකයින්ගේ එකමුතුව විසින් ඊයේ (04) පස්වරුවේ විජේරාම නිල නිවසේදී රජයේ වෘත්තිකයින්ගේ එකමුතුව විසින් සැකසූ කරුණු 12කින් සමන්විත යෝජනාවලියක් විපක්ෂ නායක මහින්ද රාජාපක්ෂ මහතා වෙත භාරදෙන ලදී.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවය කරන රජයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන් ඇතුළු සෑම ක්ෂේත්රයක්ම නියෝජනය කරන වෘත්තිකයින් මෙම යෝජනාවලිය සැකසීම සඳහා දායකත්වය ලබා දී ඇත.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතාද එක්වූහ.
