මුහුදු රළ ඉහළ යාම හා ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 7.00 දක්වා වලංගු වන පරිදි මෙම අවවාදය නිකුත් කර තිබේ.
ඒ අනුව මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5-3.00 (මෙය ගොඩමිබට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රල ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
