ආණ්ඩුව හා විපක්ෂය ප්‍රතිපත්තිමය එකඟතාවකට
ජාතික වැදගත්කමකින් යුත් ප්‍රතිපත්ති සැකසීමේදී ආණ්ඩුව හා විපක්ෂය එකඟතාවයකට පැමිණි බව කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
රට තුළ දිගුකාලීන ජාතික ආගමික සංහිඳියාව තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් ස්ථාපිත ‘ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික සහජීවනය සහතික කිරීම පිණිස හා ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව’ විසින් මහජන අදහස් විමසීමෙන් අනතුරුව සකසා සභාගත කරන ලද නිර්දේශයන්ගේ ක්‍රියාකාරී සැලැස්ම බලගැන්වීම අරමුණු කොටගත් විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද (4දා) පැවැති අතර මෙහිදී එම එකඟතාවට පැමිණ තිබේ.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සභාගත කරන ලද අතුරු වාර්තාවේ අඩංගු නිර්දේශ එකිනෙක පුළුල් ලෙස මෙහිදී සළකා බලා ඇති අතර දිගුකාලීන සාමය ස්ථාපිත කිරිම සඳහා මෙම නිර්දේශ ඉතාමත් සාධනීය මට්ටමක පවතින බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් ඇතුළු සහභාගි වූ සියළු දෙනාගේ පොදු අදහස වූ බවද කථානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

popular news
-
priyantha Tuesday, 04 June 2019 10:14 PM
lagata awata sarpaya sarpayamai.koi were anduwa dehegannawada Kuala hits hits than a push kittuwenne.
Reply : 0 0
Champa Wednesday, 05 June 2019 11:39 AM
හුස්ම හිරවෙලා මැරෙන්න ළඟ වහල් ආණ්ඩුවට හුස්ම පොවනවා. වෙන කාට හරි නම් ඊළඟට සාමන්‍යයෙන් නෙද්දකින් කියල කියවෙනවා. හැබැයි ඔන්න එහෙම කිව්වේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

