saravita-anim2

2025 මැයි මස 14 වන බදාදා

2025 මැයි මස 14 වන බදාදා

Latest News - timelapse 1352 hours ago

LATEST

රාජ්‍ය සේවක වැටුප රු. 20,000ක් වැඩි කරන්න වැට් බද්ද සියයට 22ක් කරන්න වෙනවා

calendar_today 2024 ජුලි 08 - 18:54 remove_red_eye - 150  

ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000ක වැඩි වීමක් සමග වැටුප් ගෙවීමට වාර්ෂිකව රුපියල් බිලියන 275ක මුදලක් අවශ්‍ය බවත් එය දළ දේශීය නිෂ්පාධිතයෙන් 1%ක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි. එම මුදල උපයා ගැනීම සඳහා දැනට පවතින වැට් බදු අනුපාතය 4 %කින්, එනම් බදු අනුපාතය 22% දක්වා ඉහළ නැංවිය යු

‘අල්ටෙයාර්’ තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණ සැකසහිත බව මියගිය සිසුවාගේ පියා නීතිඥ අසංක දයාරත්න මහතා මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට අද (08) දැනුම් දුන්නේය.

Read More

ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (7/7) වවුනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 05 ක් බව ස`ඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනයක් දෙනතුරු ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායකයෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම අද (08) නිශ්ප්‍රභ කළේය.

Read More

ඇතිමලේ පොලිස් වසමේ හත්ආර ප්‍රදේශයේදී සහ ගෝනගංආර කුඹුක්කන්ඔය අසලදී ඉකුත් (06) සහ (07) දින වලදී වනඅලීන් පහරදීමෙන් ගොවීන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

මේ වසරේ නොවැම්බර් මස 17 දින වන විට රටේ නව ජනාධිපතිවරයෙක් පත් වන බවත්, එසේ තේරිපත් වන නව ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා බවට මේ රටේ ජනතාව විශ්වාස කරන බව ජාතික ජන බලවේගයේ පා.ම අචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පැවසිය.

Read More

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි වැදීමට පැමිණි බව කියන මෝටර් රථය කොරතොට ප්‍රදේශයේ මාර්ගයක නවතා වෙඩික්කරුවන් ‌පලාගොස් ඇතිබව පොලීසිය පවසයි. වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මියගොස් ඇති අතර තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇත.

Read More

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ තිබී නවීන පන්නයේ ජංගම දුරකථන තුනක් සහ දුරකථන උපාංග තොගයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (7) අත් අඩංගුවට ගන්නා ලදි.

Read More

අවුරුදු තුනක් වයසැති සිගිති දරුවෙකු ඊයේ (7)දින රාත්‍රි 8ට පමණ නිවසේ ජල ටැංකියට ඇද වැටී දියේ ගිලී මියගොස් ඇතැයි මිද්දෙනිය පොලිසිය පැවසීය.

Read More

ව්‍යාපාරික ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තැබිමට පැමිණි පුද්ගලයන් ඒ වෙනුවෙන් ටී. 56 ගිනි අවි දෙකක් භාවිත කර ඇති බවට පොලීසිය පවසයි. ඔවුන් මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති අතර පසුව එයින්ම පළාගෙස් තිබේ.

Read More

ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් කිසිදු පක්ෂයක් විසින් මෙතෙක් අදහස් ප්‍රකාශ කර නොමැතිවී නිසා රටේ ජනතාවගෙන් 44% දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට මෙතෙක් තීරණය කර නැති බව ඒ මහතා පවසයි.

Read More

වෙඩි වැදීමට මුහුනදුන් අය අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත හා ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

Read More

පසුගිය සතියට සාපේක්ෂව උඩරට එළවළු වර්ග රැසක මිල පහල යමින් පවතින බව කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදුන් පවසති.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමන්ට නිදහසේ සිටීමට ඉඩ නොදෙන බවත් මේ වන විට මතභේදයට තුඩු දි ඇති බි.එම්.ඩබ්ලිව්. රථය මීට වසරකට පමණ පෙර තමන් විකුණා ඇති බවත් ප්‍රකට නිරූපණ ශිල්පී පියුමි හංසමාලි සඳහන් කරයි.

Read More

දකුණු කොරියාවේ ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය දෙකක පමණ ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත 07/07 දින රාත්‍රී ගොඩ බැස්සවීමට කටයුතු කළ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2022/2023 මුල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන 73.3ක පාඩුවක් ලබා ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය තාවකාලිකව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව Tha Sunday Times පුවත්පත වාර්තා කරයි.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ පිරිස් හා රාජ්‍ය පළාත්රාජ්‍යසේවා වෘත්තීය සමිති එකමුතුවේ පිරිස් හා රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ පිරිස් අද(08දා) සහ හෙට(09දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරනු ලබයි.

Read More

2022 උසස් පෙළ සමතුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීමට පොලී රහිත ශිෂ්‍ය ණය ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.

Read More

ආර්. සම්බන්ධන් මහතා සහ මා සෑමවිටම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටියා එකඟත්වයෙන් ඉදිරියට ගෙන ආ එම සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට සියලුදෙනා එක් වෙමු. විපක්ෂ නායකයෙකු යනු විකල්ප අගමැතිවරයායි – ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක භූමිකාව මැනවින් ඉටු කළ නායකයෙක්. ඔහුගේ අභාවය මට දිගුකාලීන මිතුරෙකුගේ අහිමි වීමක්. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කැප වී කටයුතු කරනවා. ජාතික ඉඩම් කොමිසමේ කෙටුම්පත මේ වන විට සූදානම් – එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

Read More

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

Read More

අප්‍රිකානු කැළෑ බළළෙකු (African Serval Cat) නිසි අවසරයකින් තොරව ඉකුත් 07/05 දින උදෑසන රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ගෙනැවිත් තිබේ.

Read More

කොස්ගම ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් ඇතුළු දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇඟිලි සලකුණු සමඟ සංසන්දනය වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය කියයි.

Read More

මම දවසක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ඇහුවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එපා කියද්දි, ආර්ථික ගැටලුවක් තිබෙද්දි ඇයි බදු අඩු කළේ කියලා. එතුමා කිව්වා ව්‍යාපාරිකයෝ සියලුදෙනා මෙය අඩුකරන්න කියලා කිව්වා කියලා. එතුමා ඇත්ත කිව්වේ. එය මම දන්නවා. ඒ අය මගෙනුත් ඇහුවා ඇයි ඔයා බදු අඩු කළේ නැත්තේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බදු අඩු කළා කියලා. අද එහෙම කියපු අය හොයා ගන්නත් නැහැ. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තනි වෙලා ඉන්නවා.

Read More

සිය වයෝවෘද්ධ නැන්දනිය තියුණු ආයුධ ප්‍රහාරයකින් ඝාතනය කල ලේලියක තම බාල වයස්කාර දරු දෙදෙනො ප්‍රාණ ඇපයට ගෙන සිටියදී ගම්පොළ ඇත්ගාල පොලිස් නිලධාරීන් පැය දෙකහමාරක උපක්‍රමශීලී මෙහෙයුමකින් පසු අද(07)අලුයම තුනයි තිහට පමණ ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොලොන්නාව ඛනිජ තෙල් පර්යන්ත නිමාවේ සිට කෙළවරපිටිය යුගදනවි විදුලි බලාගාරය වෙත බවුසර් මගින් රැගෙන එනු ලබන දැවී තෙල් මහා පරිමාණයෙන් සොරකම් කිරීමක් ඉකුත් 05 දා හසු කර ගැනීමට ඛනිජ තෙල් පර්යන්ත (CPSLT) විමර්ශන නිලධාරීන්ට හැකිව තිබේ.

Read More

මුහුදු බඩ දුම් රිය මාර්ගයේ අම්බලන්ගොඩ දුම්රිය මාර්ගයේ කතා කර කර යමින් සිටි පාසල් ශියාවක් සහ ශිෂයෙක් අද (7) දින පස්වරුවේදී දුම්රියේ ගැටී තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

හොලිවුඩයේ නළුවෙකු මෙන්ම ලෝක රෙස්ලින් පිටියේ සුපිරි ක්‍රීඩකයෙක්ද වෙන ජෝන් සීනා රෙස්ලින් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

Read More

රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා ආර්ථික අර්බුදය හමුවේ වුවද මෙම වසරේදි ලබා දිය හැකි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට ලබා දුන්නා. ලබන වසරේ අයවැයෙන් ද ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනවා. ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවය කප්පාදු කිරීමට ඇතැමුන් පැවසුවද මා එසේ කළේ නැහැ – රාජ්‍ය සේවක වැටුප් නියමිත වේලාවට ලබා දුන්නා. ආර්ථික තර්ජනයෙන් රට අත්මිදෙමින් තිබෙන අවස්ථාවේ මත්ද්‍රව්‍ය තර්ජනයෙන් ද රට බේරා

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.