අම්බන්ගොඩ වෙඩි වැදිමෙන් මිය ගිය පුද්ගලයා ජයලත් සුද්දාගේ මස්සිනායි
අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ඉදිරිපිට අද (4දා) පෙරවරුවේ 10.21ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුමුවට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙසේ වැඩි වැදී ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි වරුෂවිතාන නිරන්ත නමැති පනස් හතර හැවිරිදි මාළු වයාපාරිකයෙක් බවද පොලීසිය කියයි.
වෙඩි වැදී මිය ගිය පුද්ගලයා දෙදරු පියෙක් බවත් ඔහු පාතාල නායක ජයලත් සුද්දාගේ මස්සිනා බවත් පොලීසිය කියයි. මාළු ව්‍යාපාරිකයා යතුරු පැදියකින් යමින් සිටියදී ඔහු පසුපසින් පැමිණි රතු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන පිරිසක් මාළු ව්‍යාපාරිකයා ගමන් ගත් යතුරු පැදිය ඔවුන්ගේ මෝටර් රථයේ ගැටීමට සලස්වා යතුරු පැදිකරු බිම වැටුණු පසු වෙඩි තබා බලා ගොස් ඇති බව ද පොලීසිය කියයි.
යතුරු පැදියෙන් බිමට වැටුණු මාළු වයාපාරිකයා දිව යාමට සූදානම්වූ අවස්ථාවේදී මෝටර් රථයෙන් පැමිණි නාදුනන අයෙක් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවද පොලීසිය කියයි.
වෙඩිකරුවන් පැමිණි මෝටර් රථය අම්බලන්ගොඩ-ඇල්පිටිය මාර්ගයේ ගමන් කොට කරන්දෙණිය මහඒදණ්ඩ ප්‍රදේශයේ මහ පාරේ දමා ගොස් සිටියදී සොයාගත් බවත් පොලීසිය කියයි.
වෙඩි වැදී බිම වැටුණු ව්‍යාපරිකයා එම ස්ථානයට පැමිණි පිරිස විසින් බලපිටිය රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව පොලීසිය කියයි.වෙඩි වැදී මිය ගිය ව්‍යාපාරිකයා මෙවර අම්බලන්ගොඩ මෝදර දේවාලය මගින් සංවිධානය කොට වීථි සංචාරය කෙරුණු මෝදර දේවාල පෙරහර කමිටුවේ සභාපති ලෙස කටයුතු අයෙක් බවද පොලීසිය කියයි.
මෝදර දේවාලයේ ප්‍රශ්නයක් වෙඩි තැබීමට හේතුව වන්නට ඇති බවට සැකකරන බවද පොලීසිය කියයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

