ශ්‍රී පාද වන්දනාවාරය උඳුවප් පොහොයෙන් ඇරඹෙයි
ජනාධිපතිඅනුර කුමාර දිසානායක මහතා හා රජය විසින් මේ වන විට ආරම්භ කර ඇති මතට තිත ජාතික වැඩ සටහන ඉතාමත් වටිනා වැඩ සටහනක් බැවින් එම වැඩ සටහනට සියළුම දෙනා එකට එක්ව සහාය ලබාදි මෙවර ශ්‍රිපාද වන්දනා වාරය ක්‍රියාවට නැංවිය යුතු බව ගෞතම ශ්රිපාස්ථානාධිපති ඌව විශ්ව විද්‍යාලයේ කුලපති සඹරගමුව හා රත්නපුර දිසා සංඝනායක ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නාමියන් පැවසූහ.
2025 / 2026 ශ්‍රිපාද වන්දනා සමය පිලිබදව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 31වන දින පැවති සකච්චාවකදි බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් මේ බව පැවසූහ.
මෙව ශ්‍රිපාද වන්දනාව දෙසැම්බර් මස 04වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භව 2026 වෙසක් පුන් පොහෝ දිනයෙන් නිමාවට පත්වනු ඇත.
මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සදහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහ විහාරස්ථානයේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව සමන් දේව ප්‍රථිමාව දේව ආබරන හා පුජා භාන්ඩ දෙසැම්බර් මස 03වන දින උදැසන රත්නපුර පලාබද්දර රජ මාවත, කුරුවිට ඒරත්න මාර්ගය, රත්නපුර, අවිස්සාවේල්ල, හැටන් මාර්ගය හා බලංගොඩ බගවන්තලාව යන මාර්ග ඔස්සේ පෙරහැර හතරකින් වැඩම කරවනු ඇත.
ශ්‍රිපාද මාර්ගයේ පැමිනෙන බොහෝ වන්දනාකරවන් රැගෙන එනු ලබන ප්ලාස්ටික් ජල බෝතල හා පැනි බිම බෝතල පානය කිරිමෙන් අනතුරුව එම හිස් ප්ලාස්ටික් බෝතලපරිසරයට මුදා හැරිම හේතුවෙන් පරිසරය විනාශවන බවත් එම තත්වයන් පිලිබදව අවදානය යොමු කර මෙම හිස් ප්ලාස්ටික් බෝතල් පරිසරයට මුදා හැරිම නියාමනය කිරිම සදහා අවදානය යොමු කිරිම සදහාද මෙහිදි අවදානය යොමු විය.
මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුලදිද විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනෙන සියළුම පිරිස් අත් අඩංගුවට ගැනිම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා මෙහිදි පැවසිය.
එමෙන්ම මෙව ශ්‍රිපාද වන්දනා සමය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියළුම දෙනාගේ ආරක්ෂාව සැපයිම, සෞඛ්‍ය පහසුකම් සැපයිම, සනිපාරක්ෂක කටයුතු සැපයිම මෙන්ම විවිධ පොදු පහසුකම් සැපයිම පිලිබදවද මෙහිදි සකච්චා කරන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                