පුද්ගලයන් රවටා මුදල් ගැරූ හිමිනමක් අල්ලයි
යූ ටියුබ් හරහා දෙස් විදෙස් පුද්ගලයින් රවටා, ආරක්ෂාවන් සලසා, යන්ත්‍ර මන්ත්‍ර කරදෙන බවට පවසමින් ඔවුන්ගෙන් තම බැංකු ගිණුම්වලට මුදල් බැර කරගෙන වංචා රැසක් සිදුකර ඇති බව කියන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.
තංගල්ල මුවන්පැලැසේ ප්‍රදේශයේ සිට පැමිණි දෙදරු පියෙකු වන පී.එස්.එම් සනත් යන අයෙකු අවස්ථා දෙකකදී කරන ලද පැමිණිල්ලක් අනුව පැමිණිලිකරු සමග පොලිසිය භික්ෂූන් වහන්සේ වැඩ සිටින දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ගිය විට පොලිසිය ඉදිරිපිට පැමිණිලිකරුට භික්ෂූන් වහන්සේ පහරදීමෙන් ඔහු තුවාල ලබා මනම්පිටිය රෝහලේ ප්‍රතිකාර ගන්නා බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී. ආරියරත්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
ඒ අනුව පොලිසිය ඉදිරිපිට තංගල්ලෙන් පැමිණිකරුට පහරදීම සම්බන්ධව බීමත්ව සිටි භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට ගත් බවද මනම්පිටිය පොලීසිය සඳහන් කරයි.
තංගල්ලෙන් පැමිණි පහර කෑමට ලක් වූ අයට අදාල භික්ෂුවගේ ගිණුමට බැර කරන ලද ලක්ෂයක මුදල ඥාතීන් පිරිසක් මනම්පිටිය පොලිසියේ නිලධාරියකු සමග ලබාදීමට මනම්පිටිය රෝහලට ගිය අවස්ථාවේදී එම ස්ථානයට වැඩම කල දිඹුලාගල නාහිමියන් පුද්ගලයෙකුට පහර දුන් බවට පවසා ඔහු පැමිණිලි කෙරු බවත්, ඒ අනුව පහර කෑ පුද්ගලයාද රෝහල්ගත වු බව ද මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
එලෙස රැවටීමට ලක් වූ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පසුගිය කාලය පුරා මෙම භික්ෂුව සොයා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පැමිණුනු බවත්, එම අවස්ථාවේදී එම භික්ෂුව සැඟවුණු බවත්,දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තමන් වහන්සේට මෙම භික්ෂුව සම්බන්ධ යෙන් දුරකථන පැමිණිලි විශාල ප්‍රමාණයක් දෛනිකව ලැබෙමින් තිබෙන බවත්, ඒ අනුව තමන් වහන්සේ, මේ සම්බන්ධ තමන් අදාළ පොලිස් ස්ථාන සහ නිකායේ ස්වාමීන් මහානායක ස්වාමින්වහන්සේලා දැනුවත් කර ඇති බව අප මේ පිළිබඳව දුරකථනයෙන් කළ විමසීමකදී ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සහ තමන්ගේ නව භාවිතා කරමින් මෙම භික්ෂුව සිදු කරන මහා ජාවාරමට නොරැවටෙන ලෙස තමන් මීට පෙර ලක්වාසී් සියලු දෙනා මාධ්‍ය මගින් දැනුවත් කර බවත්, එලෙස දැනුවත් නොවූ අය තවමත් භික්ෂුවගේ ගිණුම් වලට විශාල වශයෙන් මුදල් බැර කරන බවත්, යළිත් මෙම භික්ෂුවට නොරවැටෙන ලෙස සියලු ලක්වාසී ලෝකවාසී ජනතාවගෙන් තමන් වහන්සේ ඉල්ලා සිටින බවද රාහුලාලංකාර නාහිමියන් විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් පැවසූහ.
මනම්පිටිය නිමල් ජයරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

