පාසල් කාලය දිගු කිරිමට ගුරු හා විදුහල්පතිවරුන්ගේ බලවත් විරෝධයක්
කොයිකා ආධාර යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණවේදී පීඨයේ බහුකාර්ය ගොඩනැගිල්ල නිල වශයෙන් ලක් රජයට බාරදීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකින් අනතුරුව අග්‍රාමාත්‍යවරිය එ් බැව් පැවසීය.
මේ වගේ වෙනසක් එනකොට විවිධ අදහස් එන එක අතිශයින්ම සාමාන්‍යයි. ඕනම වෙනසක් කරන්න ගිහාම ඒ් පිළිබඳව සංවාදයක් සමාජ කථිකාවතක් නිර්මාණය වෙනවා. ඒ් කේ වරදක් අපි දකින්නෙ නැහැ. අපිට අවශ්‍ය මේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග නිවැරදිව ගන්නයි. රජයක් හැටියට අපිට සංවාද කර කර පමණක් ඉන්න බැහැ තීන්දු තීරණ ගන්න වෙනවා. අපි හිතන්නෙ මේ වැඩපිළිවල සිසුන්ට ගුරුවරුන්ට ලොකු ආතතියකින් නැතිව ගුරු සිසු සබඳතාවය වඩා වර්ධනය කරගනිමින් යහපත්ව සිදුවේවි කියලා.
අපි ලක්ෂ දෙකක් පමණ ගුරුවරුන් පුහුණු කළා. ඒ් අය කියන්නෙ මේ ප්‍රතිසංස්කරණය වහාම වියයුතුයි කියලා. යටිතල පහසුකම් දියුණුවියයුතුයි ගුරු පුරප්පාඩු පිරවෙන්න අවශ්‍යයි පරිපාලනමය ගැටලූ විස`දියයුතුයි වගේ ඔවුන් මතුකරලා තියෙන්නෙ අපි සියලූදෙනා මැදිහත් වියයුතු ප්‍රශ්න.ඒ්ක රජයක් ලෙසින් අපි සියලූදෙනා පිළිගන්නවා සහ ඒ් වෙනුවෙන් මැදිහත් වෙනවා." යැයි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

