පාතාලේ වෙඩික්කරුවෙක් අල්ලයි
පානදුර සහ හිරණ පොලිස්වසම් වලදි පුද්ගලයින්ට වෙඩි තැබිමට සැලසුම් කල පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අයිස් ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 100 ක් දමන පොලිස් වසමේ මළයාඩිය ප්‍රදේශයේදි ඉකුත් 31 වෙනි දින අත් අඩංගුවට ගෙන තිබේ.
පානදුර පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුන තොරතුරක් මත මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනිමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් සමත්ව තිබේ.
2025.07.11 වෙනි දින හිරණ පොලිස් වසමේ හසිත දුලාජ් යන අයට වෙඩි තබා තුවාල කිරිම 2025.08.09 වෙනි දින පානදුර දකුණ පොලිස් වසමේදි පාතාල සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන පානදුර නිලංග යන අයගේ ගෝලයකු වන කොස්ගොඩ ආකාස් යන අයට වෙඩි තබා ඝාතනය කරන ලද සැකකරු බවට තොරතුරු අනාවරණය වි තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම සැකකරු රඳවා ප්‍රශ්න කිරිමට පොලිසිය විසින් අම්පාර මහේස්ත්‍රාත් චතුරිකා විජේවර්ධන මහත්මිය ගෙන් ඉල්ලිමක් කර ඇති අතර මෙම සැකකරුව දින 7 ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරිමට පොලිසියට නියෝග කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                