වයඹ සරසවියේ ආචාර්යවරයෙක් තම නේවාසිකාගාරයේ  සිසුවියක රඳවාගෙන අතවර සිදුකළ බවට වාර්තා වන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් මේ වනවිටත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පවත්වන බවත් එය ඉතාම ස්වාධීනව හා අපක්ෂපාතීත්වයෙන් යුතුව කොමිටියක් මගින් ක්‍රියාත්මක වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
අග්‍රාමාත්‍යවරිය ඒ බව පැවසූයේ වයඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණවේදී ජාතික විද්‍යාපීඨය නිළ වශයෙන් භාරදීමේ ජාතික උත්සවයට අද (03දා) සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු සපයමිනි.
උත්සවයෙන් පසුව අදාළ සිදුවීම පිළිබඳ පැමිණිළි කිරීමට විශ්ව විද්‍යාලයේ වත්මන් ශිෂ්‍ය සභාපතිවරයා ඇතුලූ සිසුන් පිරිසක් පැමිණ තිබූ අතර ඉන් දෙදෙනෙකුට අග්‍රාමාත්‍යවරිය මුණගැසී අදාළ සිදුවීම පිළිබඳව ලිඛිතව හා වාචිකව දැනුම්දීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර