හවුලේ වැසිකිළි භාවිත කරන පවුල් ඒකක 12029ක්, දකුණේ කුප්පි ලාම්පු භාවිත කරන නිවාස ඒකක 7287ක්
දකුණු පළාතේ පවුල් 7,287ක් ඔවුන් පදිංචි නිවාසවලට අලෝකය ලබා ගැනිම සදහා භුමිතෙල් ලාම්පු භාවිතා කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ මුළු පවුල් තුන්ලක්ෂ,හත්දහස් හත්සිය හතරකින් (307,704) සියයට 0.78ක් එනම් පවුල් 2400ක් නිවාසවල ආලෝකය ලබාගැනිම සඳහා භුමිතෙල් ලාම්පු භාවිතා කරන බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
මාතර දිස්ත්‍රික්කයේ මුළු පවුල් සංඛ්‍යාව දෙලක්ෂ තිස්එක්දහස්, නමසිය හතලිස්හයකි (231,946) එම පවුල්වලින් සියයට 0.79ක් භුමිතෙල් ලාම්පු භාවිත කරන අතර එම පවුල් සංඛ්‍යාව 1832කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුළු පවුල් සංඛ්‍යාව එක්ලක්ෂ අසුඅටදහස් හයසියතිස්අටකි (188,638) ඉන් පවුල් 3055ක් ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ සියයට 1.62ක් භුමිතෙල් ලාම්පු භාවිත කරන බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම දකුණු පළාතේ නිවාස සඳහා වැසිකිළි පහසුකම් නොමැති වෙනත් නිවාස ඒකකයන් සමග හවුලේ වැසිකිළි පාව්චිචිච කරන පවුල් සංඛ්‍යාව 12029කි.
ගාල්ල දිස්ත්‍රික්කයේ මුළු පවුල් සංඛ්‍යාවෙන් සියයට 1.6ක් එනම් පවුල් 4923ක් වෙනත් නිවාස ඒකකයන් සමග හවුලේ වැසිකිළි භාවිතා කරණු ලබන අතර මාතර දිස්ත්‍රික්කයේ මුළු පවුල් සංඛ්‍යාවෙන් සියයට 1.6ක් පවුල් 3711 දෙනෙකු වෙනත් වෙනත් නිවාස ඒකකයන් සමග හවුලේ වැසිකිළි භාවිතා කරති. හම්බන්තොට දිස්ත්‍රික්කය තුල පවුල් 3395ක් වෙනත් නිවාස ඒකකයන් සමග වැසිකිළි භාවිතා කරණ බවද මෙම වාර්තාවේ සදහන් වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

