saravita-anim2

2025 මැයි මස 14 වන බදාදා

2025 මැයි මස 14 වන බදාදා

Latest News - timelapse 1340 hours ago

LATEST

රුවන්වැලි සෑ බිමේ ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරියකු සිය දිවි නසා ගත්තාද?

calendar_today 2024 ජුලි 11 - 09:52 remove_red_eye - 383  

අනුරාධපුර, රුවන්වැලි මහසෑය පොලිස් මුරපලේ රාජකාරි භාරව සිටි 55 හැවිරිදි පොලිස් සැරයන් වරයෙකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.

රජයේ සේවකයන්ගේ වැටුප් හා වේතන වෙනුවෙන් දරනු ලැබූ වියදම 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 939.5 ක් දක්වා 1.7% ක ප්‍රතිශතයකින් අඩු වී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මඟින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති අය වැය තත්වය පිළිබඳ මහ බැංකු වාර්තාවේ සඳහන්වේ.

Read More

අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 355යි ග්‍රෑම් 881ක්අද(11දා) විනාශ කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

සුවිශේෂී අනුපිළිවෙළක් යටතේ අගෝස්තු මාසයේ සිට වාහන ආනයනය කිරීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළ ඇතුළත්කමිටුවේ වාර්තාව අගෝස්තු 02වැනි සතිය වන විට අමාත්‍ය මණ්ඩලයට ලැබීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Read More

රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අසත්‍ය ප්‍රචාරවලට හසු වුවහොත් ස්ථිර ලෙසම නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බවද අවධාරණය කළේය.

Read More

දුම්රිය වර්ජනයේ නිරත වූ ස්ථානාධිපතිවරු අද (10දා) දහවල් 12ට පෙර සේවයට වාර්තා කර නොමැති නම් එම ස්ථානාධිපතිවරු සියලුදෙනා සේවය හැරගියා සේ සලකන බවප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

සංචාරක ක්ෂේත්‍රය සඳහා වාහන ආනයනයට අවසර ලබා දීමේදී සමාගම් දෙකකට 68%ක ප්‍රමාණයක වාහන ආනයනයට ලබා දීම ඇතු ගැටළු කිහිපයක් මතුව තිබෙන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

Read More

කෙටි කාලයක් තුළ නීති විරෝධී හා සැක කටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනක දේපළ හා මුදල් උපයා ගත් බව කියමින් රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය තමන්ට එරෙහිව කරන විමර්ශන කටයුතු වළක්වන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නිරූපණ ශිල්පි පියුමි හංසමාලී අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් අද (10) ගොනු කළාය.

Read More

දුම්රියෙන් ඇද වැටීමෙන් බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී අද (10) පස්වරුවේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වි ඇතැයි පොලීසිය කියයි.

Read More

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන අහුංගල්ලේ ලොකු පැටි ටැටූ නිර්මණ ශිල්පී දුලාන් සංජුල වෙත රුපියල් පහලොස් ලක්ෂ අසූ හය දහස් පන්සියයක මුදලක් ලබාදුන් බව පොලිසිය හමුවේ පාපෝච්චාරණයක් කරමින් ටැටූ නිර්මාණ ශිල්පියා පවසා තිබේ.

Read More

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයක් හෙට (11) පැවැත්වීමට අද (10) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන් සිය වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරත් අත්‍යාවශ්‍ය සේවාවට මුවාවී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සේවය අත්හිටුවීමට ගත් තීරණයත් සමග ඔවුන් මෙසේ දුම්රිය වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබේ. එසේම එම වර්ජනය සඳහා උප දුම්රිය ස්ථානාපතිවරුන්ද සහාය දැක්වීමට තීරණය කර තිබේ.

Read More

අතුරුගිරියේ කඩුවෙල පාරේ ටැටු කලාගාරය තුළදී සිදු වූ ද්විත්ව ඝාතනය හා සිව් දෙනකුට තුවාල සිදුවීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටු කලාගාරයේ හිමිකරු ඇතුළු 7 දෙනා කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 22 වෙනිදින දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්චානිමා විජයබණ්ඩාර මහත්මිය නියෝග කළාය

Read More

ඇල්ල පල්ලේවෙල දිය ඇල්ල නැරඹීමට ගොස් සිය පෙම්වතා සමඟ දියඇල්ලේ ගල්පර්වතයකට නැග ජායාරූප ගැනිමට යාමේදී ගල්පර්වතයෙන් ලිස්සා දියඇල්ලේ අඩි 200ක පමණ පහලට ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි ප්‍රංශ ජාතික විදේශික සංචාරක තරුණිය ඊයේ (9) මියගිය බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

සෞඛ්‍ය අධ්‍යාපනය වැනි මූලික මිනිස් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට අදාළ වන සේවාවන් කඩ­ාකප්පල් කිරීම වැළැක්වීම සඳහා පොදු මහජනතාවගේ යහපත හා ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වන නව නීතියක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

Read More

TATA Sons (Pvt) Ltd ආයතනය විසින් ගිලන් රථ 50ක් නොමිලේ ප්‍රදානයක් වශයෙන් ලබාදීමටත්, ආසියානු සංවර්ධන බැංකුව විසින් ගිලන් රථ 45ක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමටත් එකඟතාව පළ කර තිබේ.

Read More

තලාතුඔය හා ඒ අවට ගම්මාන වල ගොවීන්ගේ වගාවන්වලට රිළවුන්ගෙන් සිදුවන හානිවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා පාතහේවාහැට ගොවිජන සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද උදෑසන තලාතුඔය නගර මධ්‍යයේ දී පැවැත්විණි .

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවක් පවතින බව නිරීක්ෂණය වේ.

Read More

ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් සැකකරුවන් ට ප්‍රතිවිරුද්ධ කල්ලියකින් ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකයෙන් කඩුවෙල අධිකරණය ආසන්නයට හා අවට ප්‍රදේශයට දැඩි ආරක්‍ෂාවක් යෙදවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

වතු කම්කරුවන් වෙත නියමිත වැටුප නොගෙවනු ලබන ප්‍රාදේශීය වැවිලි සමාගම් සමග රජය එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීම පිණීස අවශ්‍ය නීති පැනවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

Read More

ලක්ෂ විස්සක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත් හිමි කර දීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා – ජනපති.

Read More

අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු වෙත නිසි අයුරින් ප්‍රමාණවත් මුදල් අයකැමිවරුන් යෙදීමට බලධාරීන් අවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන් ඇතැම් වාහන රියදුරන්ගෙන් ටිකට් පත් සඳහා අය කෙරෙන මුදල් නිසි පරිදි අය කර ගැනීමට නොහැකිව දිනෙන් දින රුපියල් ලක්ෂ ගණනින් පාඩුවක් ලබන බව මාර්ග සංවර්ධන අධිකාරී අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි

Read More

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟීන් ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

Read More

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කර ඇති හෙයින් අද (10දා) මධ්‍යාහ්න 12ට පෙර තම දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් රාජකාරියට වාර්තා කළ යුතු බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එස්. මුදලිගේ මහතා අවසන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

තේ වගාව සඳහා තවදුරටත් අලුත් ඉඩම් යොදා නොගැනීමට රජය තීරණය කර තිබේ.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගින් දැඩි අපහසුතාවට පත්වූහ. වර්ජනය හේතුවෙන් බොහෝ දුම්රිය අවලංගු කර තිබුණි.

Read More

බස්නාහිර පළාත තුළ ධාවනය වන මගී ත්‍රිරෝද රථ සඳහා මේ මස 15වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නිශ්චිත ගාස්තුවක් හඳුන්වා දී තිබෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

Read More

අතුරුගිරිය ටැටු මධ්‍යස්ථානයේදී ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 7 කු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට ඉන්දීය තානාපති හා පකිස්ථාන මහකොමසාරිස්වරයා සමග කළ සාකච්ඡාවල දී ඉන්දීය හා පාකිස්ථානු වැඩි දියුණු කළ එළ ගවයින් හා මී ගවයින් ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කළ බවත්,මෙරටට මී ගවයින් හා එළ ගවයින් ලබා දීමට ඉන්දියාව හා පකිස්ථානය දෙරටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read More

ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධූරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.