මෙහෙනින් වහන්සේ නමකට අශෝභන ලෙස බැන වදිමින් 2025.11.02 වන දින රාත්‍රියේ වත්තල කෙරවලපිටිය රත්නාවලී ආරාමය අසල කළහකාරී ලෙස හැසිරුනු පුද්ගලයින් දෙදෙනා වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එදින රාත්‍රියේදීම අත්අඩංගුවට ගෙන ඇත.
බැන වදිමින් කළහකාරීව හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර රාත්‍රී ජංගම සංචාරයේ රාජකාරි නිරත වත්තල පොලිස්  නිලධාරීන් පොලිස් ස්ථානය මගින් සිද්ධිය පිළිබඳව දැනුවත් වීමෙන් ප්‍රසිද්ධ ස්ථානයක කළහාකාරීව හැසිරීමේ වරදට සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ
සැකකරුවන් අවුරුදු 58 හා 67 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. 2025.11.03 වන අද දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.