මන්නාරම දූපත තුළ ඉදිරියේදී සුළං විදුලි බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ.සුළං විදුලි බලය සම්බන්ධයෙන් ඉහළ සුළං විභවයක් ඇති මන්නාරම දූපතේ මේ වන විට සුළං විදුලි ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබී තිබේ. ඉන් පළමු ව්‍යාපෘතිය ලෙස තම්භපවනී ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු 2021 ආරම්භ කළේය.
අනෙක් ව්‍යාපෘති දෙක වෙන වින්ඩ්ස්කේප් මැනා සමාගම මෙගාවොට් 20ක හා හේලිස් මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයන්හි මෙයෙුම් කටයුතු පිළිවෙළින් 2025 දෙසැම්බර් හා 2026 දෙසැම්බර් ආරම්භ කිරිමට නියමිතය.
ජනතාව ඉදිරිපත් කර ඇති ගැටලු පිළිබඳ අවධානය යොමුකරමන් ජනතාවගේ කැමැත්තෙන් තොරව මන්නාරම දූපතේ මින් ඉදිරියට නව සුලං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණඩලය තීන්දු කර තිබේ.