අම්බලන්ගොඩ නගර සභාව අසල අද (04දා) සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද පෙ.ව 10.30ට පමණ මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් එම පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කරන්දෙණිය සුද්දා නැමති පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයා බවත්, ඔහු මෝදර දේවාලයේ සභාපතිවරයා බවත් අනාවරණය වී තිබේ.