STF නිලධාරීන්ට පහරදී සැකකරුවෙක් බලෙන් මුදවාගෙන යයි
2025.11.02 වන දින උදෑසන කාලයේ රාමනාදපුරම් පොලිස් වසමේ සුඩලකුලම් ප්රදේශයේදී කිළිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් නීති විරෝධි මත්පැන් වැටලීමක් සිදු කර සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ යකඩ පොලු හා ලී පොලු රැගෙන පැමිණි පිරිසක් විසින් නිලධාරීන්ට පහරදී සැකකරු මුදවා ගෙන එම ස්ථානයෙන් පලාගොස් ඇත.
පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙදෙනෙකු කිළිනොච්චිය රෝහලේ ප්රතිකාර ලබන අතර රාමනාදපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු හා සැකකාරියන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 16 ත් 32 ත් අතර හා සැකකාරියන් අවුරුදු 26 ත් 45 ත් අතර වයස්වල පසුවන රාමනාදපුරම් ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් හා සැකකාරියන් 2025.11.03 වන අද දින කිළිනොච්චිය ගරු මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. රාමනාදපුරම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

