හොරණ පොලිස් වසමේ මීවනපලාන ප්රදේශයේදී ඊයේ (02දා) රාත්රී සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවට හොරණ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 45 ක් වූ මීවනපලාන ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, වෙඩි තැබීම සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවටත් දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සැකකරු වයස අවුරුදු 45 ක් වන මීවනපලාන ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.