saravita-anim2

2025 මැයි මස 14 වන බදාදා

2025 මැයි මස 14 වන බදාදා

Latest News - timelapse 1347 hours ago

LATEST

වැඩවර්ජනය මධ්‍යයේ විශ්‍රාම වැටුප් දීමනාවත් දුන්නා

calendar_today 2024 ජුලි 09 - 20:44 remove_red_eye - 269  

රාජ්‍ය සේවක වැඩ වර්ජනය මධ්‍යයේ වුවද විශ්‍රාම වැටුප් දීමනාව නියමිත පරිදි ලබා දීමට කටයුතු කර තිබෙනවා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස්.

අ.පො.ස (සාමාන්‍ය පෙළ)ල අ.පො.ස (උසස් පෙළ) සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ දීමනා ඉහළ දැමීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහිත අනුකමිටුවේ නිර්දේශය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අද දින අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

Read More

නීති විරෝධී පිරමීඩාකාර ගනදෙණු කරමින් රුපියල් කෝටි ගණනක ජනතා මුදල් වංචා කළේ යැයි කියන කළේ යැයි ”ඔන්මැක්ස් ඩී.ටී.” ආයතනයේ අධ්‍යක්ෂකවරුන්ගේ සියලු දේපළ වහාම අත්පත් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලීසියට අද (09) නියම කළේය.

Read More

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ 222 වැනි අමරපුර දින ආදී කර්තෘ ගුණ සැමරුම 2024 පසුගියදා (08) රත්නපුර පිහිටි සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූහ.

Read More

පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කළ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය සහ මියගිය අනෙක් පුද්ගලයාගේ දේහය හෝමාගම මූලික රෝහලේදී ඥාතීන්ට භාරදීමෙන් අනතුරුව මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු සඳහා රැගෙන ගිය බව හෝමාගම මූලික රෝහල පවසයි.

Read More

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

Read More

ජූලි 08 සහ 09 වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන් ඇගයීමට ඔවුන් වෙනුවෙන් විශේෂ වැටුප් වර්ධකයක් සහ ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක්.

Read More

පක්‍ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 ක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සුරක්‍ෂා නෞකාව යොදවා 2024 ජුලි මස 07 වන දින දකුණු මුහුදේදී අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

Read More

උපාධිධාරීන්ට රැකියා ලබාදීමට විරුද්ධව උසාවි ගිය පිරිස් නිසාවෙන් පාසල්වල ගුරු හිඟයක් නිර්මාණය වී තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරත වෛද්‍යවරයෙකුගේ රුපියල් ලක්ෂ දෙකක් වටිනා යතුරු පැදියක් රෝහල් භූමියේදී සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් 450,924 ක්.

Read More

නිවස අසල තිබූ වතුර වලකට වැටීමෙන් සූරියගොල්ල වැවතැන්න ගම්මානයේ පදිංචි අවුරුද්දකුත් මාස හතරක් වයසැති සිඟිත්තෙකු ඊයේ (08) දහවල් සැකකටයුතු අන්දමින් ජීවිතක්ෂයටපත්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.

Read More

මේ වර්ෂයට අදාළ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා මහජන අදහස් විමසීම අද(09දා) සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරණය ආසන්නයේ රජයේ මුද්‍රණාලය යොදා ගනිමින් ජනපතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. මැතිවරණය ආසන්නයේ දී මුද්‍රණාලය වෙනත් තැනකට ගෙන යෑමට යෝජනා කරන්නෙත්, සේවකයින්ගේ දිරි දීමනා කපා දැමීමට යෝජනා කරන්නෙත් ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මුද්‍රණාලයේ වැඩවර්ජනයක් ඇති කර, ඒ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය මෙන්ම ජනාධිපතිවරණයත් කල් දැමීමට යැයි සාධාරණ සැකයක් මතුවන බව ද හෙතෙම ප්‍රකාශ ක

Read More

අවුරුදු 16ක් වන දැරියක් මුහුණේ ලේ පැල්ලම් සහිතව රබර් වත්තක මිය ගොස් සිටියදී සොයා ගත් බව පොලීසිය පවසයි. නිවිතිගල වටාපොත, යොවුන් පුර ගම්මානයේ පදිංචිව සිටි දැරියක් මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ ඔහුගේ විනය විරෝධී හැසිරීම නිසා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 13 (1) වගන්තිය යටතේ විෂය භාර ඇමතිවරයාට පැවරී ඇති බලතල යටතේ මෙම පියවර ගත් බවයි.

Read More

මෙරට ඉතිහාසයේ පළමුවරට බිත්තර සඳහා රජය මගින් සියයට 18% වැට් බද්දක් ක්‍රියාත්මක කිරීමෙන් දේශීය බිත්තර මිල පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා පවසයි .

Read More

ප්‍රකට ව්‍යාපාරික සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරිම යටතේ ලබා දිය යුතු ඉතිරි කොටස ලබා දිම ප්‍රමාද කරමින් තිබෙන නිසා අදාල කොටස ලබා ගැනිමට ලබන සතියේ සිට වෘත්තිය ක්‍රියා මාර්ග සිදුකිරිමට තිරණය කර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි.

Read More

විපක්ෂයේ සිටින ගම්පහ සහ කළුතර යන ප්‍ර‘දේශ නියෝජනය කරන දේශපාලඥයන් දෙදෙනෙකු ඇමති ධුර, වරදාන සහ වරප්‍රසාදවලට ආණ්ඩුවට එක්වීමට සූදානම් වන බවත් ඔවුන්ට ඩොලර්වලින් ගෙවීම් කරන බවට දැනගන්න ලැබී තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

Read More

දුම්රිය එන්ජින් අවශ්‍යතාව සැපරීම සඳහා ඉන්දියානු රජයෙන් දුම්රිය එන්ජින් 20ක් පරිත්‍යාගයක් වශයෙන් ලබා දීමට එකඟ වී ඇති බවත් එහි පළමු කොටස මාස දෙකක් තුළ ලංකාවට ලැබෙනු ඇති බවත් වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී සංජය මුදලිගේ මහතා, පැවැසීය. ජනපති මාධ්‍ය කේන්ද්‍ර යේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.

Read More

මැණික් විජේවර්ධන (42) කාන්තාව (08) දා උදෑසන අතුරුගිරිය හන්දිය ආසන්නයේ විවෘත කිරීමට නියමිත රූපලාවණ්‍යාගාරයකට පැමිණි අවස්ථාවේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරින් මෙසේ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබුණි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නව බස් රථ 400ක් නුදුරේදීම මිලදී ගන්නා බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා පැවැසීය. ජනපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

අයුක්ති සහගත වර්ජන නිසා දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර තිබෙනවා – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

Read More

බුද්ධ දේශනාව සහ විද්‍යාත්මක ලෝකය අතර තිබෙන සම්බන්ධතාව සොයා බැලීමට නව ආයතනයක් – අමරපුර දින ආදිකතෘ සැමරුම් උත්සවයට එක් වෙමින් ජනපති පවසයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ 1 වන අදියර කඩිනමින් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ‍ එසේම මධ්‍යම අධිවේගී මාර්ගයේ 2 සහ 3 අදියර, රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අතර අතුරුගිරිය කණු උඩ දිවෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මූල්‍ය ආයෝජන හරහා සිදු කිරීමට අදාළ ද්වීපාර්ශ්වික සාකච්ඡා සිදු කෙරෙනවා. මේ සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජන බලාපොරොත්තු වෙනවා.

Read More

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත්, මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.

Read More

කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලමේ දෙවන අදියරේ ඉදි කිරීම් අවසන් කර ලබන සතියේ ජනතා අයිතියට පත් කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. එම් සූරිය බණ්ඩාර මහතා පැවැසීය.

Read More

ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000ක වැඩි වීමක් සමග වැටුප් ගෙවීමට වාර්ෂිකව රුපියල් බිලියන 275ක මුදලක් අවශ්‍ය බවත් එය දළ දේශීය නිෂ්පාධිතයෙන් 1%ක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි. එම මුදල උපයා ගැනීම සඳහා දැනට පවතින වැට් බදු අනුපාතය 4 %කින්, එනම් බදු අනුපාතය 22% දක්වා ඉහළ නැංවිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මීට අමතරව ආයතනික බදු අනුපාතය 42% මට්ටමට පත් කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Read More

‘අල්ටෙයාර්’ තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණ සැකසහිත බව මියගිය සිසුවාගේ පියා නීතිඥ අසංක දයාරත්න මහතා මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට අද (08) දැනුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.