පුද්ගලයින් ලියාපදිංචි කීරීමේ දෙපාර්ථමේන්තුවෙහි ජාතික හැඳුනුම්පත් අදාළ ඉල්ලුම්කරුවන් වෙත තැපැල් කිරීම සඳහා යොදා ගනු ලබන ලිපි කවරතුල ලිපිනයන් මුද්‍රණය කරන යන්ත්‍ර පසුගිය කාලයේ දෝෂයන්ට ලක් වී ඇත.
එම යන්ත්‍ර අලුත්වැඩියාවට යොමු කරන ලද කාලය සහ අවශ්‍ය මුද්‍රණය පරිභෝජක ද්‍රව්‍ය සපයා ගැනීමට ගත වූ කාලය තුල තාවකාලික විසඳුමක් ලෙස දෙපාර්තමේන්තු නිලධාරීන් යොදවා ලිපි කවරයන්හි ලිපිනයන් අතින් ලියා හැඳුනුම්පත් නිකුත් නිකුත්කල බවද එම දෙපාර්ථමේන්තුව විසින් මාද්යයක් වෙත නිවේදනක් නිකුකරමින් දක්වා ඇති බව වාර්ථාවෙයි. වැඩිදුරටත් සඳහන්කරන පරිදි හැඳුනුම්පත් 45,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම කාලය තුලද නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව සමත්ව ඇති බව දක්වා ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය