වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (04) නිකුත් කළේය.
දෙවන ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Hermes’ නමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් නාවික හමුදා කිමිදුම් අංශය මඟින් 2024 ජුනි මස 30 වන දින සාර්ථකව සිදුකෙරුණු අතර, ඒ සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික) ව
Read Moreමේ වනවිට සාමාන්‍ය දරු උපත් අඩුව ඇති බවත්, සිසේරියන් සැත්කම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් එය සියයට 50 ක අගයක් ගන්නා වන බවද පැවැසිය. එය හොද තත්ත්වයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි .
Read Moreලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කළ කිරීමට කටයුතු කර ඇති අතර අඩු කළ නව මිල ගණන් අද (4) සිට ක්‍රියාත්මක වන බවත් සතොස නිවේදනය කරයි.
Read Moreබස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreබාල වයස් පිරිමි ළමුන් දෙදෙනෙකු බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර පලාගොස් සිටි සැකකරු සිවුරු දරා හිමිනමක ලෙස සැඟව සිටියදී අනුරාධපුර පූජා භූමියකදී අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
Read Moreතවද ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරයයි.
Read Moreශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඝාතනය කිරීමේ සිදුවීමට අවශ්‍යව සිටි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා ගිනිඅවි දෙකක් ද සමග ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මහනගර සභාව සංවිධානය කළ පුරවර උදානය පොසොන් සැණකෙළියෙන් රුපියල් කෝටි අටහමාරක දළ ආදායමක් ලැබී ඇති බව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පැවසීය. මෙය මහනගර සභා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ ව්‍යාපෘතිය බව ඒ මහතා සදහන් කළේය. මෙම ආදායමෙන් ලැබූ දළ ලාභය රුපියල් කෝටි හතර හමාරක් පමණ බවද නාගරික කොමසාරිස්වරයා පැවසුවේය.
Read Moreඇතිමලේ පොලිස් වසමට අයත් සඳගනාව කුඹුරු යායක වැඩකරමින් සිටි ගොවි මහතෙකු ඊයේ (03)දින වෙනිදා සවස අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.
Read Moreමත්පැන් වැටලිමකට ගිය තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට පිරිසක් විසින් පහර දී ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.
Read Moreඅද(04) උදෑසන 9.15 ට පමණ මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී හලාවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදු වු බව වාර්තා වේ.
Read Moreරන්මාලක් යැයි සිතා හිගුරුකඩුව කොටමුදුන පාලම අසදී ගුරුවරියකගේ මුහුණට මිරිස් කුඩු ගසා ගෙළබැදි රුපියල් 500ක් පමණ වටිනා ඉමිටේශන් මාළයක් කොල්ලකා පලාගිය තරුණයකු අත්අඩංගුවට ගත් බව හිගුරුකඩුව පොලිසිය පවසයි .
Read Moreපුද්ගලයකුගෙන් රුපියල් 25000/= අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මහා භාගේ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඔක්තෝම්බර් 05 දාට යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමීව පාසල් පද්ධතියේ ඉහල කාර්ය සාධනයක් සහිත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තෝරා ඇගැයීමේ වාර්ෂික ’’ගුරු ප්‍රතිභා ප්‍රභා 2024 ’’ උළෙල සඳහා මෙම මස 07 දා දක්වා අයදුම්පත් බාර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreලංකා විදුලි බල මණ්ඩලය මගින් මේ වසරේ දෙවන වතාවට සිදු කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාලව මහජනයාගේ වාචික අදහස් ලබා ගැනීම ජූලි 09 දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Read Moreප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද හා හෙට දින දෙක තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රේගු වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශකවරයෙකු වන ගීතාංජන මඩපාත මහතා ප්‍රකාශ කර සිටියේෙ.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. අස්තානා අගනුවර ජනාධිපති මන්දිරයේ දී අද (03) පෙරවරුවේ එය පැවැත්විණ.
Read Moreකොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් කෝටි 02 කට අධික විස්කි බෝතල් තොගයක් අතුරුදන් විමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එහි ගබඩා භාරකරු ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියම කළේය.
Read More2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති 2024-08-31 දිනට පෙර අවසන් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
Read Moreආජන්ටිනාව, ඉක්වදෝරය සහ ඝානාවේ 25%ක ණය කපා හැර තිබෙන්නේ ද්වීපාර්ශ්වික ණය සඳහා නොව වාණිජ ණය ( Commercial Loans) සඳහායි. ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව JICA සමඟ ලබන සතියේ සාකච්ඡා කරනවා – වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා.
Read Moreපානදුර මුහුදේ ගිනිකූරු කොටයක් සමග සෙල්ලම් කරම්න් විනෝදයට දියනාමින් සිටී පුද්ගලයකු එම කොටයේ ගැටී මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
Read Moreජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථනිරූපනයක් දෙනතුරු ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (03) ගොනු කළේය.
Read Moreඩුබායි හා කටාර් රාජ්‍යවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (07/02) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහදුනාගත් සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප 26ක් මේ වසර තුළ සංවර්ධනය කෙරේ. එම වෙරළ කලාප 26 සංවර්ධනය කිරීම සඳහා වන මූලික නිර්මාණ හා ව්‍යුහ සැලසුම් සැකසීම මේ දිනවල සිදු කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතුයි විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකියි. උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ දෙන්නේ නැහැ – ඒ වෙනුවෙන් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග. මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස ජනපති විපක්ෂයෙන් ද ඉල්ලයි. උසස්වීම් හෝ ගුරු මාරුවීම්වලදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ දෙන්නේ නැහැ. ඉදිරියේදී ගුරු මාරු සහ
Read Moreපොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
Read Moreත්‍රිකුණාමලය දිස්ත්‍රික් මැතිවරණ කොට්ටාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දෙමළ ජාතික සංධානයේ නායක ඉරාජවරෝදයම් සම්බන්ධන් මහතාගේ අභාවය හේතුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට කදිරවේලු සම්මුගම් කුහදාසන් මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් තෝරා පත්කර ඇත.
Read Moreණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල අවසන් – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ
Read Moreමුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ඩොවෝන් පුතා 5 ධීවර යාත්‍රාවේ ධීවරයින් හතර දෙනාගේ මෘතදේහයන් රැගත් බහුදින ධීවර යාත්‍රාව (3) උදේ 7.30 ට පමණ තංගල්ල ධීවර වරායට ලගාවිය.
Read More