saravita-anim2

2025 මැයි මස 11 වන ඉරිදා

2025 මැයි මස 11 වන ඉරිදා

Latest News - timelapse 1265 hours ago

LATEST

ඖෂධ හිඟයක් ගැන කථාවක්

calendar_today 2024 ජුලි 25 - 09:32 remove_red_eye - 181  

මේ වසරට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන්කර තිබෙන රුපියල් බිලියන විස්සක මුදලින් තවමත් වියදම් කර තිබෙන්නේ රුපියල් බිලියන හයක මුදලක් පමණක් බවත් මේ වන විට ඖෂධ තුන්සිය පනහකට ආසන්න ප්‍රමාණයක හිඟයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන

ඉකුත් දා පැවති අ.පො.සසාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වන නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ගුරු විදුහල්පතිවරුන්ට හා දෙමාපියන්ට ඇති වී තිබෙන ගැටලුවලට ලබන මස 02වන දින වන විට විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට කටයුතු කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

වත්මන් කෘෂි නවීකරණ වැඩපිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනීමට නොහැකියි – කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර

Read More

ඒ වෙනුවෙන් වූ ආර්ථික පරිවර්තනය ඉදිරි වසර 10 තුළ ක්‍රියාවට නංවනවා. නව තාක්ෂණයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් – ජනපති ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වන සංවත්සර උත්සවයේ දී පවසයි.

Read More

උප්පැන්න සහතිකයේ නම වෙනස් කරදීමට සහ නිවාස සංවර්ධන අධිකාරියේ පෝරමයක් පුරවාදීමට රුපියල් 50,000ක් වටිනා මත්පැන් බෝතල් දෙකක් ඉල්ලා පසුව රුපියල් 40,000කඅල්ලසක් ලබා ගත්තේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ 15 මාදම්පිටිය ග්‍රාම නිලධාරීවරයා ලබන 06වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (24දා) නියම කළේය.

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවේ නීතිමය තත්ත්වය පිළිබඳව තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී තම මතය ප්‍රකාශ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීම සදහා පියා විසින් පානදුර නගරයට ඇරලවා ගිය තරුණයකු දුම්රියක ගැටී මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.

Read More

තේ සහ රබර් වතුකම්කරුවන්ගේ දෛනික අවම වැටුප 1,700ක් බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

Read More

ගුවන්තොටුපොල ආශ්‍රිතව පිහිටුවීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ වැදගත් ආරක්ෂක තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ හිටපු අමාත්‍යවරුන් පිරිසක් එම ක්‍රමවේදය අවලංගු කරන නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

Read More

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ”ප්‍රජා උපේදේශන කමිටු” පිහිටුවීමට සඳහා ජනාධිපති ලේකම්වරයා අප්‍රේල් මස 29 වැනිදා නිකුත් කළ චක්‍ර ලේඛණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කොට තිබේ .

Read More

2025 වර්ෂයට අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ද සම්පූර්ණයෙන් ම නොමිලේ චීන රජයෙන් ලබා දීමට එකඟ වී ඇති බවත් ඒ සියල්ල නිසි කලට ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත් පැවසී ය.

Read More

ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථාවන් හිමිවූ රැකියාලාභීන් 262ක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ‍ඊයේ (23) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදුකරන ලදී. මෙම රැකියාලාභීන් මෙම මස 27 දින සිට 30 දින දක්වා කාලය තුල ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

Read More

විස්සයි20 තරග පල්ලේකැපිටියේදි Grass Embankment 500 A and B Lower 2,000 Grand Stand Top Level 5,000 Grand Stand Top Level 22 Seat Box ( Per seat) 10,000

Read More

2024 වසරේ ජූනි මාසයේදී මෙරට සමස්ත අපනයන ආදායම (භාණ්ඩ හා සේවා) එක්සත් ජනපද ඩොලර් මිලියන 1,354.32ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. මෙය 2023 වසරේ ජූනි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 1,237.69ක සමස්ත අපනයන ආදායමට සාපේක්ෂව 9.42%ක වර්ධනයකි.

Read More

2024 ඔක්තෝබර් මස 17වැනිදාට පෙර නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ව්‍යවස්ථාවට අනුකූලව පවත්වන බවත් මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා වේග පන්දුය යවන ක්‍රිඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාව සමගින් පැවැත්වීමට ඇති සිමිත පන්දුවාර තරගාවලිය අහිමි වී තිබේ. ඒ් ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

Read More

ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව සූදානම්ව සිටින බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

Read More

කඳුකර කොටියන් ඇතුළු වන සතුන් ඉලක්ක කරගනිමින් අටවන ලද මදු, උඟුල්, තුවක්කු බැදීම්, අනවසර තුවක්කු තබා ගැනීම්, හක්කපටස් ඇටවීම්, විදුලිය යොදා කම්බි රැහැන් ඇදීම් වැනි ක්‍රියා සම්බන්ධයෙන් හා වන සතුන්ට සිදුවන වෙනත් පීඩාකාරී හානි පිළිබඳව දුරකතන අංක 1992 ට අමතා වනජීවී දෙපාර්තුමේන්තුවට කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා ලෙස වනජීවී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Read More

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ඉදිරි දින දෙක තුලදි ප්‍රකාශයට පත් කිරිමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා මහතා සදහන් කලේය

Read More

හිගුරුකඩුව අලාදුගස්පිටිය ප්‍රදේශයේ නිවසක මව්පියන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සිය 11 හැවිරිදි පුතුගේ පාසල් නිල ඇදුම් , පාසල් පෙලපොත් , දහම්පාසල් පොත් ,ඇතුලු නිවසේ දේපලවලට ගිනිතබා විනාශ කලැයි සැකපිට 53 හැවිරිදි පියෙකු අද (24) අත්අඩංගුවට ගත් බව හිගුරුකඩුව පොලිසිය පවසයි .

Read More

කොළඹ ගෑන්ඩ්පාස් ස්ටේට් පාර ලිපිනයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා ගැනීමට පොලිස් නිලධාරීන් ට පිහියක් අමෝරා මරණීය තර්ජනය කර සැකකරු රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි

Read More

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඔහු පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති ඉදිරිපත් කර ඇි මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Read More

රුපියල් ලක්ෂ 40 කට ආසන්න විවිධ මත්ද්‍රව්‍ය සහ ජාවාරමෙන් උපයා ගත් මුදල් තොගයක් සමඟ පුද්ගලයකු මතුගම යට දොළවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි

Read More

මෙවර යල කන්නයේ වගාකර ඇති හෙක්ටයාර් 61,075ක කීරි සම්බා වගාවෙන් අපේක්ෂිත අස්වැන්නමෙට්‍රික්ටොන් 248,000ක් බව යල කන්නයේ වී වගාවේ ප්‍රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය. මීට අමතරව නාඩු (සුදු) හෙක්ටයාර් 263,122ක්, නාඩු (රතු) හෙක්ටයාර් 94,027ක්, සම්බා (සුදු) හෙක්ටයාර් 27,268ක්, සම්බා (රතු) හෙක්ටයාර් 3612.8ක්, සාම්ප්‍රදායික සහල් හෙක්ටයාර් 1034ක් වශයෙන් හෙක්ටයාර් 450,138ක වී වගා කර ඇති බවද එම සාකච්ඡාවේදී අනාවරණය

Read More

පසුගිය ජූලි 8 වනදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ටී56 ගිනිඅවිවලින් වෙඩිතබා ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කර තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ දී ඊයේ (23) සවස අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී එම අපරාධයට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

Read More

2025 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් ඊයේ (23දා) දිනයේදී ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

රුපියල් මිලියන 160,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජූලි 24 දා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.