කන්දකැටිය අයවැය දෙවැනි වරටත් පරදී
ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් අද (24 ) උදෑසන වැඩි ඡන්ද හතරකින් (04) පරාජයට පත් විය.
කන්දකැටිය ප්රාදේශීය ප්රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් සභාපති හර්ෂ රත්නායක මහතා විසින් කිසිදු සංශෝධනයකින් තොරව අද (24 ) සභාවට ඉදිරිපත් කළ අතර ඊට ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් හය දෙනා පක්ෂව ඡන්දය ප්රකාශ කළහ.
සමගි ජන බල වේගයේ මන්ත්රීවරුන් හතර දෙනා සමග පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්රීවරුන් දෙදෙනා, පොදු පෙරමුණ මන්ත්රීවරුන් දෙදෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරයා සහ සර්වජන බලයේ මන්ත්රීවරයා අයවැයට විරුද්ධව ජන්දය ප්රකාශ කළහ.
කන්දකැටිය ප්රාදේශීය සභාවේ විශේෂ අයවැය දෙවන වර කියැවීමේ රැස්වීම සඳහා එහි බලය හිමි ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් හය දෙනා මෙන්ම විපක්ෂ මන්ත්රීවරුන් දහ දෙනා අයවැය විවාදයට එක්ව සිටියහ
එන් කේ නිශ්ශංක මීගහකිවුල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

