පොලිස් කොමිසම නමට පමණද? විගණනයෙන් හෙළිවූ දේ මෙන්න
ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පසුගිය වසර නමයක කාලය තුලදි මහජන පැමිණිලි 5935ක් ලැබි තිබුණද ඉකුත් වර්ෂය (2024) අවසන් වනවිට ඉන් පැමිණිලි 4902ක් හෙවත් සියයට 82ක විමර්ශන කටයුතු අවසන්කොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
එමෙන්ම ප්‍රධාන කාර්යාලයට ලැබි තිබු මහජන පැමිණිලි කිසිවක් විමර්ශනය කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මහජන පැමිණිලි විමර්ශනය කිරිම ප්‍රශස්ථ මට්ටමට පත්කරගතයුතුව ඇති බව විගණනය මගින් නිර්දේශකොට ඇත.
මහජන පැමිණිලිවලට අදාළ පාර්ශවවලින් කැදවනු ලැබු වැඩිදුර තොරතුරු පැහැදිලිව හා නිවරදිව ඉදිරිපත් නොකිරිම, පොලිස් විමර්ශන වාර්තා නිසි වේලාවට නොලැබිම හා පැමිණිලි විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගේ තනතුරු පුරප්පාඩුව පැවතිම විමර්ශන කටයුතු අවසන්කිරිමට නොහැකිවි ඇති බවද ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විගණනයට සදහන්කොට ඇත.
ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

