අද සිට තවත් වැස්ස වැඩිවෙයි
දිවයින අශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවිමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපෙරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම දිවයිනේ බොහෝ ප්‍ර දේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
අද දිනයේදී උතුරු, උතුරු-මැද, නැහෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්හතාට හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගුරුම් සහිත වැසි ඇතිවන බවත් නැහෙනහිර, උතුරු-මැද, ඌව හා දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

