පුරාවිද්‍යා පුවරු ගැලවූ වාලච්චේන සභාපති ඇතුළු 6ක් ප්‍ර දේශයෙන් පළා ගිහින්
වාලච්චේන කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මගින් වාලච්චේන පොලිස් වසමේ තිහිලිවට්ට හන්දිය, පල්ලච්චේන, කොන්ඩුකච්චේන හා සරාවලී යන ප්‍ර දේශවල සවිකර තිබූ පුරාවිද්‍යා සලකුණු සහිත නාම පුවරු වාලච්චේන ප්‍රා දේශීය සභාව විසින් ගලවා ඉවත් කිරීමට පසුගියදා කටයුතු කර තිබුණි.
මේ සම්බන්ධයෙන් වාලච්චේන පොලිස් ස්ථානයට ලැබුණ පැමිණිල්ලක් අනුව ආරම්භ කළ විමර්ශවලට අදාළව ඊයේ සවස් කාලයේදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබුණ අතර ගලවා ඉවත් කරනු ලැබූ නාම පුවරු 07ක්ද කෝරලේපත්තු ප්‍රා දේශීය සභා පරිශ්‍ර යේ තිබී පොලිස් භාරයට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 53ක් වන කිරාන් පදිංචිකරුවෙකි. සැකකරු අද දිනයේදී වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සිදුවීමට සම්බන්ධ වාලච්චේන සභාපතිවරයා ඇතුළු සැකකරුවන් 6ක් මේ වන විටත් ප්‍ර දේශයෙන් පළාගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට වාලච්චේන පොලීසිය හා මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඇතුළු පොලිස් කණ්ඩාය් 04ක් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

