saravita-anim2

2025 මැයි මස 11 වන ඉරිදා

2025 මැයි මස 11 වන ඉරිදා

Latest News - timelapse 1251 hours ago

LATEST

රු. 1000ක අල්ලසක් ගන්න ගිය ත්‍රිරෝද රියදුරුට වැඩ වරදියි

calendar_today 2024 ජුලි 28 - 12:10 remove_red_eye - 387  

කුරුඳුවත්ත පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට රුපියල් 1000/= අල්ලස් මුදලක් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

කතානායක නිල නිවස ඉදිරිපිට මාර්ගයට ගස් දෙකක් කඩා වැටී සිදුව තිබූ අනතුර යථා තත්ත්වයට පත්කරමින් සිටියදී අධික වේගයෙන් මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් ඒ මතින් ධාවනය වීමට යාමේදී එහි රියදුරු බරපතල තුවාල ලබා (27) දා රත්‍රී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වැලිකඩ පොලිසිය පවසයි.

Read More

කුවේට් රාජ්‍යයේ ආපනශාලාවක ආහාර ඇනවුම් බෙදාහැරීමේ නිරත වී සිටිය දී , එම ඇනවුම ලබා දීමට මදක් ප්‍රමාද වීම නිසා උරණ වූ කුවේට් ජාතිකයෙකු තැබූ වෙඩි පහරකින් ඔත්පළ වී , ඇදි වත පමණක් රැගෙන , ශ්‍රී ලංකාවේ තම දූ දරුවන් සහ අසනීප වී සිටින බිරිඳ ජීවත් කිරීම සදහා ’’ හිගා කෑමට ’’ මහ පාරට බැසීමට සූදානමින් මෙරටට 07/26 දින අලුයම රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය .

Read More

2024 මාර්තු මස පළවෙනි දින අහුංගල්ල හෝටලයක් ඉදිරිපිටදී නීල් කුසුම් කුමාර මෙන්ඩිස් නොහොත් කොණ්ඩා මංජු වන අයව වෙඩි තබා ඝාතනය සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි

Read More

දිවයිනේ විවිධ ආගමික උත්සව පැවැත්වෙන ස්ථාන වලට ගොස්, කාන්තාවන්ගේ රන්මාල කොල්ල කෑමේ නිරත සංවිධානාත්මක කාන්තා අපරාධ කල්ලියක සාමාජිකාවන් දෙදෙනෙකු ඊයේ(27දා) හෙරොයින් මත්කුඩු සහ රන් මාලයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

මිතුරන් සිව් දෙනකු අතර පැවැති මත්පැන් සාදයකදී ’’කොන්ද පණ නැහැ’’ යැයි කියූ කතාවක් දුරදිග යාමෙන් පරාළයකින් හිසට පහර දීමෙන් බරපතල තුවාල ලද පුද්ගලයකු දින 6 කට පසු මිය ගිය බව අගලවත්ත පොලිසිය කියයි.

Read More

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් ගාල්ලේ ඊයේ පැවැති එක්ව ජයගමු වෙිදිකාව⁣ට ගොඩවිය.

Read More

තරුණයන් පිරිසක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කොල්ලුපිටිය ප්‍රදේශයේදී කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී කොස්තාපල් වරයෙකු විසින් මෝටර් රථයට ගංජා දමා තරුණයන් අත්අඩංගුවට ගැනීමට ගිය බව කියන කොල්ලුපිටිය පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.

Read More

ඉන්දිය පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් සිය කඩුලු පූජා කිරිමේ වරද හේතුවෙන් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් ඉන්දීය කණ්ඩායම 888 ජයක් වාර්තා කිරිමට සමත්වූහ.

Read More

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 7ට ලකුණු 213ක් රැස්කරමින් ලංකාවට ලකුණු 214 දැවැන්ත ඉලක්කයක් ලබාදුන්නේය.

Read More

ඉන්දිය කණ්ඩායම සමගින් පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදිමට ඉන්දියාවට ආරාධනා කළේය.

Read More

මගේ අරමුණ සියලුදෙනා එක් කර ගනිමින් රට දිනවීමයි. කිසිවිටෙක මා අභියෝග හමුවේ පැන ගියේ නැහැ : මා කථා කරමින් නොසිට වගකීම ඉටු කළා. රට ඉදිරියට ගෙන යන බවට ජනතාවට දුන් පොරොන්දුව ද ඒ අයුරින්ම ඉටු කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති රාමුවෙන් බැහැරව කටයුතු කරන බව යමෙකු පවසන්නේ නම් ඔවුන් පවසන්නේ රට අවදානමේ හෙළන අසත්‍යයක් – “එක්ව ජය ගමු – අපි ගාල්ල” ජන හමුව අමතමින් ජනපති පවසයි.

Read More

සැප්තැම්බර් 21 දා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමන්ට නියමිත ඡන්ද මධ්‍යස්ථානයේදී තම ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

යුරෝපා කවුන්සිලය විසින් එල්.ටි.ටී.ඊ. සංවිධානයට පනවා ඇති තහනම තවත් මාස 6කට දිගු කිරිමට එම කවුන්සිලය කටයුතු කර තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු අමාත්‍ය මෙන්ම පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර ජනපති අපේක්ෂකත්වය හා ඉදිරියේදී ගොඩ නැගීමට නියමිත සන්ධානය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත් කරමින් මෙවර කාන්තා ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

එළෙඹෙන ජනාධිපතිවරණය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති බැවින්, එම කාලය තුල ජනාධිපති අපේක්‍ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම ආරක්‍ෂාව උපරිම අයුරින් තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද පාර්ලිමේන්තුවේදී ආරක්‍ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරුණු අද දිනයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අපේක්ෂකයින් සිවු දෙනෙකු ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Read More

2024.07.22 දින සිට අද දින දක්වා (7/26) ගතවූ දින 5 ක කාලය තුළ විදෙස් රැකියා ජාවාරම් සිදුකළ වංචාකරුවන් දොළොස් දෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා මහාචාර්ය සේනක බිබිලේ මහතා ආරම්භ කළ දේශීය ඖෂධ නිෂ්පාදනය මේ වනවිට විශාල වර්ධනයක් ලබා කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල විප්ලවයක් සිදු කරමින් පවතින බවත්, ලබන වසරේ දේශීය ඖෂධ නිෂ්පාදනය 90% වැඩිකර ගත හැකි බවට තමා විශ්වාස කරන බවයි.

Read More

දේශීය බිත්තර නිශ්පාදකයන් විසින් බිත්තරයක මිල රුපියල් 38/- දක්වා පහත නෙදමන්නේනම් නැවත බිත්තර ආනයනයට කටයුතු කරනබවට වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

Read More

තවමත් පොලිස්පති ධූරය දරන්නේ හිටපු පොලිස්පති. ධූරය හිස් වෙලා නෑ. නොයෙක් නොයෙක් දේවල් අර්ථ නිරූපණය කරනවා. ඒ වගේම පොලිස්පතිවරයා පත්කරනු ලැබූ ව්‍යවස්ථාදායක සභාව එම තීරණය කළ ආකාරය ගැන නොයෙක් වාදයන් කරුණු ඉදිරිපත් කරනවා

Read More

අති විශේෂ ගැසට් නිවේදනය මගින් අද දින ප්‍රකාශයට පත් කරන ලද සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ නාමයෝජනා බාර ගැනීමේ දිනය වූ අගෝස්තු 15 දිනයට පෙර දිනයේ දහවල් 12.00 ට පෙර අපේක්ෂකයන් විසින් ඇප මුදල් තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

පුත්තලම නගරයෙ ප්‍රධාන පෙලෙ පාසලක ගුරුවරයකුට පාසලේ ප්‍රධාන දොරටුව අසලදී සිසුවකු එල්ල කල පිහි ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

Read More

රුවන් ගුණසේකර මහතා වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇත.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කර තිබේ. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කළේය.

Read More

ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදුව ඇති බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පවත්වන බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ජනපති මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනිදා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් මිල අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි

Read More

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ අද (25) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.