2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 08 වන දිනය වන අද (24) විවාදයට ගැණුනු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය. මෙම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ බිමල් රත්නායක මහතායි.