ආණ්ඩුවේ බලාපොරොත්තු සුන් කරමින් නුගේගොඩ මහා හිස් ගොඩක් බවට පත් වුණා
"නුගේගොඩ නොවැම්බර් 21 වෙනිදා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කිරිමට අපට හැකි වුනා ආණ්ඩුවේ බලාපොරොත්තු සුන් කරමින් නුගේගොඩ මහා හිස් ගොඩක් බවට ඒදා පත් වුනා. මහ වැසි මැද ආණ්ඩුවේ අනේක විධ බාධක අපහාස මැද දුන් පොරොන්දු ඉටු කරනු කියලා ආණ්ඩුවට බල කරන්න නොවැම්බර් 21 දා නුගේගොඩට පැමිණි මහා ජන ගංගාවට මහජන හඬ වෙනුවෙන් ප්‍රණාමය පුද
කරනවා." යැයි හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසිය.
අද දින මහජන හඩ ජාතික බලමුළුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් දැක්වීය.
"විදුලිය කපලා ස්පීකර් ගලවලා ආණ්ඩුවට තිබෙන ජනතා විරෝධය පාලනය කරන්න පුළුවන් කියා ආණ්ඩුව හිතනවා නම් අනුර ජනපතිතුමනි ඔබට හොදටම වැරදිලා. අපි 21 වෙනිදා නුගේගොඩින් ඇති කල විරෝධයේ ගිනි සිසිල මහා ගිනි ජාලාවක් බවට පත් වෙලා මේ මව්බිමේ සතුරන් රාජ්‍ය පාලනයෙන් පලායනතුරුම රට පුරා සිසිරා යනවා කියන විශ්වාසය අපට අද ඇති වෙලා තියෙනවා.
මාලිමා නායකයින් අමු පච කෙලිමින් රට වටේ යන විට ජනතාව ඒවාට ගිහින් අත්පුඩි තලන කොට ඒ රැස්වීම් වලට තණකොල පුන්නක්කු දෙන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. ඒ අපේ ප්රජාතන්ත්රවාදය. නගර පුරා තණකොල මිටි වපුරමින් ආණ්ඩුව ඒ නටපු පිස්සුවට කියන්නේ සිස්ටම් චේන්ජ් කියලා ද ක්ලීන් ශ්‍රී ලංකා කියලා ද කියලා අපට කියලා දෙන්න. බෙලි කපලා ලයිට් කනුවේ එල්ලපු අය ඒ වෙනුවට තණකොල කපා ලයිට් කනුවේ එල්ලීම ඒ අයගේ පැත්තෙන් සිස්ටම් චේන්ජ් වෙන්නත් පුලුවන්.
ජනවාරි මාසයේ මීලඟ රැස්වීම පැවැත්වීමට යෝජනා වෙලා තිබෙනවා. මහජන හඬ විධායක සභාව තැන කොතැන ද දිනය කවදාද කියලා තීරණය කරාවි. ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කළ නුගේගොඩ රැළිය මග හැරුණු සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සියළුම බලවේග වලට ආණ්ඩුවේ බොරුවට නොහැකියාවට දූෂණයට භීෂණයට එරෙහි වෙන්න ඊ ලඟ රැළියේ වේදිකාවට ගොඩ වෙන්න කියලා සහෝදරාත්මකව ආරාධනා කරනවා."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

