saravita-anim2

2025 මැයි මස 07 වන බදාදා

2025 මැයි මස 07 වන බදාදා

Latest News - timelapse 967 hours ago

LATEST

කුමාර වෙල්ගම සමුගනියි

calendar_today 2024 සැප් 28 - 08:54 remove_red_eye - 769  

කලුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදි අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 74 වැනි වියේ පසුවිය. හිටපු අමාත්‍යවරයෙකුද වන ඒ මහතා මෙරට දේශපාලනයේ තීරණාත්මක චරිතයක්ද විය.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමට ආරාධනා කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පති ලෙස පත් කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබේ.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා ඇති හෙයින් පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන්ට ලබා දී ආරක්ෂක නිලධාරීන් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරුන්ට, පළාත් සභා නියෝජනය කළ පළාත් අමාත්‍යවරුන්ට හා මන්ත්‍රවරුන්ට ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරිමට කටයුතු කර තිබේ.

Read More

මෙතෙක් මාර්ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.

Read More

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ආසියානු ක්‍රිඩකයෙක් විසින් වේගයෙන්ම සිය පස්වැනි ටෙසට් ශතකය ලබාගත් පිතිකරුවා ලෙස ශ්‍රි ලංකාවේ කමිඳු මෙන්ඩිස් අද වාර්තා අතරට එක්විය.

Read More

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.

Read More

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කර තිබේ.

Read More

විපක්ෂයේ සියලු පක්ෂ ඉදිරි මහ මැතිවරණයේදී එක ලකුණක් යටතේ තරග කිරීම සම්බන්ධ සාකච්ඡාවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Read More

මේ අනුව 2020/2021 අධ්‍යයන වර්ෂයේ සිසුන් 1857 කට සහ 2021/2022 අධ්‍යයන වර්ෂයේ සිසුන් 1084 කට මෙලෙස විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමිවී තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අදාළව 2023 වර්ෂය වෙනුවෙන් සකස් කළ නවතම විගණන වාර්තාවේ විගණන නිරීක්ෂණ යටතේ පෙන්වා දී තිබේ.

Read More

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගරු අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.

Read More

විශාල ගැටළුවක්ව පැවති වීසා ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයට ගෙවී ගිය පැය 24 තුළ විසඳුම් ලබා දීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රි 12.00 සිට පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

පසුගිය රජයයන් භාවිත කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන් වෙත ලබාදීමට ජනපතිගෙන් උපදෙස් වාහන අවභාවිතය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

Read More

මහ කන්නය සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/-ක පොහොර සහනාධාරයක් ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක්ල බාදීමට ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්

Read More

වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පිහිටුවිමට නොහැකිවූ ලෝක වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නවක පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්විය.

Read More

ඉස්ලාම් ආගමට අපහාස කර ආගමික සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් “බොදු බල සේනා’ සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය පවරා ඇති නඩුවේ තීන්දුව නොවැම්බර් 14 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (26දා) දැනුම් දුන්නේය.

Read More

ජනතාවට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට කැප වන්න විදෙස් ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන්න - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Read More

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසීය.

Read More

චීනය ලොව දියුණු වෙමින් පවතින රාජ්‍යයන් වෙත දක්වන සංවර්ධන සහයෝගිතාවන් හුදෙක් උගුල් පමණක්ම බවට ඇතැමුන් හඳුන්වා දෙයි. විශේෂයෙන්ම සංවර්ධනය වූ බටහිර රාජ්‍යයන් මෙන්ම ඔවුනගේ මාධ්‍යයන්ද මෙම මතය ඉදිරිපත් කරයි. එය තහවුරු කිරීම සඳහාද බොහෝ කාරණා ගෙන හැර දක්වමින් සිටියි.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

Read More

ඔවුන්ගේ ගිණුම්වල මුදල් ඇති බවට කිසියම් ආකාරයකට සොයාගන්නා මෙම සංවිධානාත්මක කල්ලිය පළමුව සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ ජංගම දුරකථන අංකය සොයාගෙන ඔවුන්ට මුදල් ත්‍යාගයක් ඇති බව පවසා ඔහුගේ හෝ ඇයගේ හැඳුනුම්පත් අංකය සහ ගිණුම් අංකය ලබාගැනීමත් බවත් ඉන් අනතුරුව ඔවුන්ගේ ජංගම දුරකථන අංකයට ලැබෙන එක් වරක් පමණක් භාවිතා කළ හැකි තාවකාලික රහස් අංකය (OTP) එම සංවිධානාත්මක කල්ලියට ලබා දෙන ලෙස දැනුම් දෙන බව පොලිසිය කියයි .

Read More

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මලු , හොරෙන් විවෘත කර , ඒවා තුළ ඇති භාණ්ඩ සොරා ගත් ගුවන් තොටුපොළ ගමන් මලු ගබඩා අංගනයේ සේවය කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව අගනා ශතකයක් රැස් කිරීමට දිනේෂ් චන්දිමාල් මීට සුලු මොහොතකට පෙර සමත්විය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 65වන ගුණසමරුව අද (26දා) ස්ථාන දෙකකදී සමරනු ලැබිණි.

Read More

දිලිත් ජයවීර මහතා නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය සමග හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එක්ව තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Read More

මිල අඩුවෙන්නෙත් අපි නොහිතන කරුණු එක්ක. ලංකාවට මවු සතුන් අවශ්‍යතාවය අසූ පන්දහසක් පමණ. එයින් තමයි බිත්තර ලක්‍ෂ 75ක් පමණ නිෂ්පාදනය කරගන්න පුළුවන් වුණේ. එහෙත් මේ වන විට මවු සතුන් එක්ලක්‍ෂ හතළිස් දෙදහසක් ගෙනත් තියනවා. මසකට අවශ්‍ය පැටවු ලක්‍ෂ හත හමාරක් වුවත්, එහිදී පැටවු ලක්‍ෂ 12ක් පමණ බිහිවෙනවා. ඒ අනුව සෑම මසකම බිත්තර නිෂ්පාදනය ලක්‍ෂ 5 බැගින් වැඩි වෙනවා. නමුත් පරිභෝජනය ඊට අනුරූපීව වැඩිවෙන්නෙ නැහැනෙ.

Read More

මෙරට තුළ වසරකට පියයුරු පිළිකා රෝගීන් 5,500ක් පමණ හඳුනා ගන්නා අතර, ඉන් 125ක් පමණ පිරිමින් වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.

Read More

නව පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට තිබෙන මාස 02ක කාලය තුළ පාර්ලිමේන්තුවේ අලුත්වැඩියා කටයුතුවලට ප්‍රමුඛතාවය ලබා දෙන අතර, නව පාර්ලිමේන්තුව ආරම්භ කිරීම සඳහා වන කටයුතුද සිදු කරන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසීය.

Read More

කුකුල් මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වී තිබෙන බවත්, මේ නිසා ඉදිරි සති දෙකක කාලය තුළද, කුකුල් මස් කිලෝවක මිල රුපියල් සියයත්, රුපියල් එකසිය පනහත් අතර මුදලකින් අඩු විය හැකි බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.