මධ්‍යම, ඌව, නැගෙනහිර හා උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නුවරඑළිය, මාතලේ, බදුල්ල හා පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති බව එම දෙපාර්තමේන්තුව කියයි.
එසේම උතුරු පළාතෙත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් සෙසු ප්‍ර දේශවලට පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.