විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගය අද උදෑසන 11ට පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතය.
මේ අතර එම තරගාවලියට යටතේම පැවැත්වන තවත් තරග දෙකක්ද අද දිනයේදි පැවැත්වෙයි. ඒ අනුව ඉතාලිය හා නේපාලය අතර තරගය ඉන්දියාවේ වන්කඩේ ක්රිඩාංගණයේදි පස්වරු 3ටත් ඉන්දියාව හා නැම්බියාව අතර තරගය පස්වරු 7ට දිල්ලියේදීත් පැවැත්වීමට නියමිතය.