විස්සයි ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම හා ඔ්මාන කණ්ඩාම අතර පල්ලෙකැලේ පිටියේ පැවැති තරගය ලකුණු 105කින් ජය ගැනිමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 6ට ලකුණු 225ක් රැස් කළේය.
මෙහිදී දසුන් ශානක පන්දු 19කින් අර්ධ ශතකයක් රැස් කළ අතර එය වාර්තා අතරට එක්වූයේ විස්සයි20 ලෝක කුසලාන තරගවලදී ශ්රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය ලෙසියි.
ඊට අමතර කුසල් මෙන්ඩිස් පන්දු 45කදී ලකුණු 61ක් හා පවන් රත්නායක පන්දු 28කදි ලකුණු 60ක් රැස් කිරීමට සමත්විය.
ලකුණු 226ක ජයග්රාහි ඉලක්කයක් හඹා ගිය ඔ්මාන කණ්ඩායමට කඩුලු 9ට රැස් කළ හැකි වූයේ ලකුණු 120ක් පමණි.මෙහිදී දුෂ්මන්ත චමීර හා මහිෂ් තික්ෂණ කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත්විය. තරගයේ විරයා ලෙස පවන් රත්නායක සම්මාන ලැබීය.