නුවරඑළිය, නානුඔය, සමර්සෙට් වතුයායේ වතු කම්කරු ජනතා තේ දළු නෙළමින් සිටියදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ඔවුන් අතරට ගොස් සුහද කතා බහක නිරත විය.
නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේ පැවැත්වෙන විෂ මත් ව්‍යසනය පරදන රටම එකට වැඩසටහනට එක්වීම සඳහා තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ඔස්සේ ජනාධිපතිවරයා ගමන් කරමින් සිටියදී වාහනයෙන් බැස රදැල්ල කෙටි මාර්ගය අසල පිහිටි තේ වතුයායට ගොස් එහි සේවය කරමින් සිටි වතු කම්කරු පිරිස් මෙසේ හමු වූහ.
වතු ජනතාව විසින් ජනාධිපතිවරයා මහත් උණුසුම් අයුරින් පිළිගෙන සුහද කතා බහක නිරත වූ අතර, තම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු ජනතාව මෙහෙදී ජනාධිපතිවරයා හට සිය ස්තුතිය ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලදි.
ශාන් හුලංනුගේ/හැටන් රංජිත් රාජපක්ෂ
