දකුණු ආසියාවේ සාමය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය සාර්ක් මාධ්‍යවේදීන් අවධාරණය කරයි
නවදිල්ලි. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති භාරතීය විද්‍යාපීඨය සහ සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ඉන්දියානු පරිච්ඡේදය විසින් සංවිධානය කරන ලද දකුණු ආසියාවේ සාමය ගොඩනැගීමේ සහ සහයෝගීතාවයේ මාධ්‍යවේදයේ කාර්යභාරය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්ථානය, භූතානය සහ අනෙකුත් රටවල මාධ්‍යවේදීන් අතර පුළුල් සාකච්ඡාවක් පවත්වා ඇත.
භාරතීය විද්‍යාපීඨයේ අධ්යක්ෂ මහාචාර්ය එම්.එන්. හෝඩාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ජාත්‍යන්තර සභාපති රාජු ලාමා, මහලේකම් එම්. අබ්දුර් රහ්මාන්, සාමාජික ඉස්මිතා මිශ්‍ර, ශ්‍රී ලංකා පරිච්ඡේදයේ සභාපති රාහුල් සමන්ත හෙට්ටිආරච්චි , ඉන්දීය පරිච්ඡේදයේ සභාපති අනිරුද්ධ සුධන්ෂු සහ තවත් අය විසින් දේශන පවත්වන ලදී.
විශේෂයෙන්ම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට, මාධ්‍යආයතන සඳහා මෙන්ම ආණ්ඩුව විවේචනය කරමින් සත්යහෙළිකරනු ලබන සමාජ ක්‍රියාකාරීන්ට සිදුවන නීතිමය, සමාජ මාධ්‍ය මගින් සිදු කෙරෙන හිංසන සම්බන්ධයෙන් මෙන්ම ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවසිමට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිච්ඡේදයේ සභාපති රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා තම දේශනයේදී අවධාරණය කරන ලදී.
වැඩසටහනේදී, සංසදයේ ජාත්‍යන්තර සාමාජිකයින් වන භූතානයේ රින්සින් වැන්ග්චුක් සහ පකිස්ථාන පරිච්ඡේදයේ මහලේකම් හුස්නයින් චෞද්රි වීඩියෝ පණිවිඩයක් හරහා වැඩසටහන ඇමතූහ.
වැඩසටහනට සහභාගී වූ කථිකයින් අවධාරණය කළේ අභියෝග මධ්‍යයේ වුවද, මාධ්‍යවේදය හරහා සාර්ක් කලාපයේ සාමය ස්ථාපිත කිරීම සඳහා මාධ්‍යවේදය තුළින් උත්සාහ කළ යුතු බවයි.
මේ අතර, සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ඉන්දියානු පරිච්ඡේදය විසින් පිහිටුවන ලද තුන්වන වාර්ෂික කිෂෝර් ශුක්ලා ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මානය 2026, නේපාලයේ න්රපේන්ද්ර ලාල් ශ්‍රේෂ්ඨ, ඉන්දියාවේ ශෂිභූෂණ කුමාර් සහ ශ්‍රී ලංකාවේ ප්‍රගීත් ජනක යන මහත්වරුන්ට මෙම උත්සවයේදී ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මාන පිරිනමන ලදී.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන රාජු ලාමා, අබ්දුර් රහ්මාන්, රාහුල් සමන්ත හෙට්ටිආරච්චි , නූර් නබි, එම්ඩී යොසුෆ්ෆුඩින්, රුද්‍රා සුබේදි, සද්දබ් මලික්, දිපේන්ද්‍ර ප්‍රජාපති, ශයිලේෂ් සහා කනු, අභිලාෂ් ගුප්තා සහ අස්මාත් අලි ඇතුළු පිරිසකට ද ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මාන පිරිනමන ලදී.
මෙම ජ්‍යාත්‍යන්තර උත්සවය සඳහා සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් කලාපයේ මාධ්‍ය වේදීන් රැසක් සහභාගිවූ අතර ඒ අතර ශ්‍රී ලංකාවේ යූ. එස්. පී,බණ්ඩාර මහතාද විය මෙම සමාජිකයින් ද ඇගයීමට ලක්කරමින් ද ඔවුන්ට සමාන හා සහතික ප්‍රධානයන්ද සිදු කරන ලදී.
මෙම වැඩ සමුළුවට සමගාමිව පසුගිය 6 වනදා දින ඉන්දියාවේ දිලිහි විශ්වවිද්‍යාලයේ ගාන්ධිබවන්හිදී ඉන්දියානු විශ්ව විද්‍යාල සංගමයේ සම ලේකම් ආචාර්ය ආලෝක් කුමාර් මිශ්රා මහතා දිල්හි විශ්වවිද්‍යාලයේ ගාන්ධි බවන්හි අධ්යක්ෂ්යක මහාචර්ය කේ.පි ,සිංග් මහතාගේ ප්රධානවත්යනේ සාර්ක්මධ්යවේදීන් විසින් රුක් රෝපණ වැඩ සටහනක් ද,පසුගිය 7 වනදා දින දිලිහි විශ්වවිව විද්‍යාලය අනුබද්ධිත ෂාම් ලාල් පීඨ යෙදී හා හන්සරාජ් විද්‍යාලයේදී විශේෂ සාකාච්චා හා සම්මාන ප්‍රධානයන්ද සිදුකරන ලදී.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

