අන්තර්ජාල මුදල් වංචාවකට සම්බන්ධ දෙන්නෙක් අල්ලයි
අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයා ගත හැකි බව පවසා කාන්තාවන් රවටා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එක් පැමිණිල්ලක අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයාගත හැකි බව පවසා පැමිණිලිකාරිය රවටා වංචා කරන ලද මුදල් රුපියල් 3,141,967/= (තිස්එක් ලක්ෂ හතලිස් එක්දහස් නවසිය හැට හත) ක මුදලින් සැකකාරියගේ නමින් ඇති ගිණුමකට රුපියල් 200,000/=ක (ලක්ෂ දෙකක්) මුදලක් වංචනිකව බැර කර එකී ගිණුම නොදන්නා පාර්ශවයක් වෙත මුදලට අලෙවි කර වංචාවක් සිදු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අනෙක් පැමිණිල්ලේ අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයාගත හැකි බව පවසා පැමිණිලිකාරිය රවටා වංචා කරන ලද මුදල් රුපියල් 3,141,967/= (තිස්එක් ලක්ෂ හතලිස් එක්දහස් නවසිය හැට හත) ක මුදලින් සැකකරුගේ නමින් ඇති ගිණුමකට රුපියල් 233,522/= (දෙලක්ෂ තිස්තුන්දහස් පන්සිය විසි දෙක) ක මුදලක් වංචනිකව බැර කර එකී ගිණුම නොදන්නා පාර්ශවයක් වෙත මුදලට අලෙවි කර වංචාවක් සිදු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඒ අනුව 2026.02.12 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මගින් මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් වයස අවුරුදු 33 ක් වන ගාල්ල ප්‍රදේශයේ පදිංචි සැකකාරියක් හා වයස අවුරුදු 36 ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

