බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ජායාරූපයක්ද භාවිත කරමින් ව්‍යාජව සකසන ලද වට්ස්ඇප් (WhatsApp) අංකයක් හරහා දිත්වා සුළි කුණාටුවෙන් හානි වූ පාසල් සඳහා යැයි පවසමින් ආධාර හා මුදල් එකතුකිරීමේ කූඨ උත්සාහයක් පිළිබඳව දැනගන්නට ලැබී ඇතැයි බලශක්ති අමාත්‍යාංශය කියයි.
මේ පිළිබඳව පැමිණිල්ලක් ශ්‍රී ලංකා පොලීසිය වෙත යොමු කර ඇති අතර, දිත්වා සුළි කුණාටුව හෝ වෙනත් කිසිදු කරුණකට ආදළව කිසිදු ආධාරයක් හෝ මූල්‍යමය ඉල්ලීමක් බලශක්ති අමාත්‍යවරයා විසින් ඉල්ලා නොමැති බව අවධාරණය කරමින් මෙවන් කූඨ දුරකථන ඇමතුම් හෝ වෙනත් ප්රචාරයන්ට නොරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.