saravita-anim2

2025 මැයි මස 07 වන බදාදා

2025 මැයි මස 07 වන බදාදා

Latest News - timelapse 953 hours ago

LATEST

ඉන්ධන මිල දැනෙන අගයකින් පහළට

calendar_today 2024 සැප් 30 - 21:41 remove_red_eye - 1075  

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 21කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 311කි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 33කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 319කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 24කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 283කි. භූමිතෙල් ලීටරයක් රුපියල් 19කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 183කි.ක

සැප්තැම්බර් මාසයේදී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය -0.5% ක් දක්වා අඩු වී තිබේ. 2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී තිබුණි.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය කළ පිංකම් මාලාවක එක්දිනක රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන රුපියල් හත්ලක්ෂ දසදහසක (7,10,000/=) වාර්තාගත මුදලකට වෙන්දේසි වී තිබේ.

Read More

රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් ගණේමුල්ල කැන්දලියැද්ද පා‍ළුව ප්‍රදේශයේ පාළු නිවසක පැවති සාදයක් වටලා මත්කුඩු පානය කරමින් සිටි තරුණ පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

Read More

යුක්ක්‍රේන, ඉන්දීය සහ බල්ගේරියන් සයිබර් අපරාධකරුවන් රටට ඇතුළු වී කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය කඩා වැටී ජාතික ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල විය හැකි බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (30) දැනුම් දුන්නේය.

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්ථමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

ජාත්‍යන්තර තරග වලදී ලකුණු 27,000 සීමාව පසු කළ සිව්වන ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දියාවේ විරාත් කෝලි අද(30දා) සමත් විය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.50ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.56ක් ලෙස පහළ ගොස් ති බව වාර්ථාවෙයි.

Read More

ඒ පිළිබඳ අද(30දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

පසුගිය යල කන්නයේ දේශීය ලොකු ළුණු වගාකර තම අස්වැන්නට නිසි මිලක් නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව පොළොන්නරුව ඇලහැර ගොවිජනපදයේ ලොකු ලූනු ගොවීන් සඳහන් කරති.

Read More

ගංජා සුරුට්ටුවක් ළඟ තබා ගැනීම සම්බන්ධව වරද පිළිගත් තරුණියකට රුපියල් දෙදහසක දඩ මුදලක් ගෙවීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඉකුත් බුහස්පතින්දා ( 26 වැනිදා ) නියම කෙරිණි.

Read More

මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතාගේ කැබ්රථය ඉකුත් (29) වෙනිදා මොනරාගල බිබිල මාර්ගයේ නක්කලවත්ත ප්‍රදේශයේදී අනතුරට ලක්වී ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (2 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

මාතලේ නගරයේ ඇතුලු අනෙකුත් ප්‍රදේශවල මේ දිනවල පොල් ගෙඩියන් රුපියල් 150ක් 160ත් අතර මිලකට අලෙවි විම නිසා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටියි.

Read More

නේපාලයේ ඇතිවූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ තනතුරු 8 ක් සඳහා එහි නිලධාරීන් 17 දෙනෙකුට 2019 මැයි සිට 2022 දෙසැම්බර් 31 කාල සීමාවෙහිදී රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ එක්දහස් පන්සිය විසි හතරක (16801524) මුදලක් ඉන්ධන දීමනාව ලෙස ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් 26 දින නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන්ව ඇත.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, අද (30දා) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වීම සඳහා පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වී ඇත. ඒ සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබීමෙනි.

Read More

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර ඇත.

Read More

මහ මැතිවරණයේදි දමිල ප්‍රගතිශිලි සන්ධානය සමගි ජන බලවේගය සමග එක් වි සන්ධානයක් වශයෙන් තරග කිරිමට (29) දින එකගතාවය පල කල බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා පැවසිය.

Read More

වතුගෙදර ආඳාදොළ දුම්රිය නැවතුම් පොළ අසල නිවසක මිදුලේ සිටි දුර්ලභ ගණයේ රෝස නාගයකු අද (29දා) දහවල් අල්ලා දෙහිවල සත්වෝදානයට භාරදීමට පදේශවාසීහු කටයුතු කළහ.

Read More

පෙර පාසල් යාමප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකටහැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක්පිලිස්සු බව කියන මවකමහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

එකම අරමුණක් යටතේ ආත්ම විශ්වාසයෙන් යුතුව සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවිම නිසා මෙම ජයග්‍රහණය ලබාගැනිමට හැකිවු බව මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පළමු ස්ථානය හිමිකරගත් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ටි එච්. හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවිය සදහන් කළාය.

Read More

ප්‍රභූ ආරක්‍ෂක රාජකාරින් සඳහා යාකර ඇති ත්‍රිවිධ හමුදා සාමජිකයින් වෙත ලබාදෙනු ලබන පෙළබවීමේ දීමනාව ලබාදීම සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ ජාලාඔස්සේ කරුණු ප්‍රචාරණය වී ඇත.

Read More

නවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී කමිඳු මෙන්ඩිස්ගේ ද්විත්ව ශතකයට වඩා තමන් සලකා බැලුවේ කුසල් මෙන්ඩිස්ගේ ශතකය බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජයද සිල්වා පැවැසීය.

Read More

ලංකා විදුලි පුද්ගලික සමාගමේ (ලෙකෝ) සුභසාධන ආංශයට අයත් රථයක් හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු වලට යෙදා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන බව කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියට දැනුම් දුන්නේය.

Read More

පසුගියදා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිටවීමේ සිදුවීම හේතුවෙන් අසාධාරණයට ලක්වූ සියලුම සිසුන්ට එම ප්‍රශ්න තුනට අදාළව ලකුණු ලබාදීමටත් එම ශිෂ්‍යත්ව විභාගය නැවත වරක් නොපැවැත්වීමටත් තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි හිටපු නායක සනත් ජයසූරිය වසරකට කාලයක් ක්‍රිකට් පුහුණුකරු ලෙස පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

Read More

බිත්තර මිල අඩු වීමත් සමග අද(29දා) මධ්‍යම රාත්‍රී 12 සිට බිත්තර ආශ්‍රිතව නිෂ්පාදනය කරන ආහාර පාන වල මිල අඩු කරන බව සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.