වසර 10ක් තිස්සේ රියදුරු බලපත්‍ර චිප් (Chip) එකක් සහිතව නිකුත් කළද රියදුරන් කරන වැරදි සම්බන්ධයෙන්
ලකුණු කැපීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කිසිදු තාක්ෂණික මෘදුකාංග පද්ධතියක් සකස් කර නොතිබූ බව හෙළිවෙයි.
ඒ් අනුව රියදුරු බලපත්‍රයේ චිපය රැවටීමක් පමණක් බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා හා ප්‍රවාහන බලධාරීන්අතර පැවැති සාකච්ඡාවකදී හෙළි විය.එම සාකච්ඡාවේදී ස්ථානීය දඩ ක්‍රමය (On-site Fine System) සහ ලකුණු කැපීමේ ක්‍රමය (Demerit Point System) සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳවද අවධානය යොමු වූ අවස්ථාවේදි මෙම කරුණු අනාවරණය විය.