saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6227 hours ago

LATEST

ශ්‍රී ලංකාව​ට ලකුණු 20ක ජයක්

calendar_today 2021 නොවැ 04 - 23:22 remove_red_eye - 811  

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වූ විස්සයි විස්ස තර​ගයෙන් ලකුණු 20ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 189 රැස් කිරීමට සමත් විය.

Read More

ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදය ප්‍රතික්ෂේප කරමින්, ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කරන ලෙස චීනය ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.

Read More

වේලාව වෙන් කර ගැනිමකින් තොරව මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත පැමිණිමෙන් වලකින ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ඉල්ලා සිටිනවා.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

Read More

පෘතුගාල පාර්ලිමේන්තුවේ වසර 45කට පසු රාජ්‍ය අයවැය අනුමත නොකළ පළමු වැනි අවස්ථාව මෙය විය.

Read More

අද (04) රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.

Read More

යුගදනවි බලාගාරයේ ගනුදෙනුව කිසිසේත්ම රටට මුදල් ගලා එන ආයෝජනයක් නොව ඩොලර් මිලියන හාරසිය දහයකට ආසන්න මුදලක් විදේශයන් වෙත ඇදී යන්නක් බව සමගි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

ලොස් ඇන්ජලීස් නගරාධිපති එරික් ගාර්සෙටි බදාදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දින හතරකින් කල් දැමීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ එම වෙන්දේසිය නොවැම්බර් 09 දා තෙක් කල් දමා ඇත.

Read More

සන්ධාන ගත වූ පක්ෂ සමඟ ඉදිරියට යාමට අග්‍රාමාත්‍යවරයා සතු පරිණත නායකත්වය අගය කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

Read More

සමගි ජන බලවේග ආණ්ඩුවක් ආ සැනින් අනිවර්‍යයෙන්ම ගොවියාට රසායනික පොහෝර ලබාදෙන බවත් එමෙන්ම වගා වන්දියක් ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද(4) බෙන්තර ඇල්පිටිය ප්‍රදේශයේ ජන හමුවකදී කීවේය.

Read More

පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් වූ හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ මියාවන තිරුකුමාර් නඩේෂන් මහතා ​සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනවලට අදාළව අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.

Read More

සංවර්ධන නිලධාරි සේවා සංගමය සහ රැකියාලාභි උපාධිධාරින්ගේ සංගමය එළඹෙන 8වනදා අසනිප නිවාඩු වාර්තා කිරිමේ එක්දින වැඩවර්ජනයක නිරතවිමට තිරණය කර තිබේ.

Read More

සපුගස්කන්ද කසළ ගොඩක් ආසන්නයේ ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසයි.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දෙමටගොඩ රුවන් යන අයට අයත් බව කියන තවත් වාහන කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

උතුරු පළාතේ ගෙවී ගිය දින කිහිපය තුලදී බලපෑ අධික වර්ෂාව සහ ගංවතුර ගැලීම් හේතුවෙන් පවුල් 96 කට අයත් පුද්ගලයින් 366 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කලමනාකරන ඒකකය පවසයි.

Read More

ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන අසාධාරණකම් වහාම නතර කිරීමට අවසන් න්‍යාය පත්‍රයක් සකස් කිරීමට ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී තිබේ.

Read More

සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ ඇතැම් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Read More

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ අධීක්‍ෂණය යටතේ, එම බල ප්‍රදේශයේ යුද්ධ හමුදාවට අයත් පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති වාහන 4 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර තිබේ.

Read More

මාතර, ඇවරිවත්ත ප්‍රදේශයේ කුඩා සංචාරක හෝටලයක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් මේ වන විට කණ්ඩායම් කිහිපයක් යටතේ පරීක්ෂණ පවත්වයි.

Read More

අදට යෙදී ඇති අඳුර හා නපුර පරදා ආලෝකය හෙවත් මෝක්ෂය ලැබුණ ආලෝකමත් දිනය ලෙස හඳුන්වන හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය වෙනුවෙන් කඳුකරයේ හින්දු ජනතාව මහත් හරසරින් හා උත්සවශ්‍රීයෙන් සමරණ අයුරු දකින්නට ලැබුණි.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට පනවා ඇති නායයැම් අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙය වීමෙන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති ලෝක පරිසර සමුළුවට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද දින උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .

Read More

සීනි ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 248,044,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ආනයනික සහල් කිලෝ ග්‍රෑම් 01 ක රුපියල් 65 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි මාස 6 සඳහා ශත 25 දක්වා අඩු කර ඇත.

Read More

වැලිගම කප්පරතොට බණ්ඩරවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක අද (04දා) අලුයම ඇතිවු පිපිරීමකින් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි වැලිගම පොලිසිය පවසයි.

Read More

ආණ්ඩුව මෙරට තවත් ආගම්වාදී ගැටුමක් ඇති කිරීම සඳහා අවශ්‍ය බීජ වපුරවමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (03) රජයට චෝදනා කළේය.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තර​ගය අද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව (04) පැවැත් වීමට නියමිතයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.